IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුංචි ආණ්ඩු පොහොට්ටු ජාතික ලයිස්තු අපෙක්ෂක කසිප්පු සමග මාට්ටු

(මධුෂානි අබේසිංහ )

පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අතිරේක ලැයිස්තුවෙන් වැලිකන්ද ප්‍රාදේශි‍ය සභාවට තරඟ වැදීමට නියමිතව සිටි පුද්ගලයෙකු නීතී විරෝධී අරක්කු ලීටර් 15 ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

ඔහු වැලිකන්ද සූරියවැව ගම්මානයේ පදිංචි තිස්තුන් විැති පුද්ගලයෙකු බවද පොලීසිය කියයි.

ඔහුගේ  බිරිඳද පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වැලිකන්ද ප්‍රාදේශීය සභාවට තරග වැදීමට සිටි අපේක්ෂිකාවක් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා නීති විරෝධී අරක්කු නිෂ්පාදනය කර විකිණීමට යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි අරක්කු ලීටර් 15 ක් සමග සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ.
 



අදහස් (2)

පුංචි ආණ්ඩු පොහොට්ටු ජාතික ලයිස්තු අපෙක්ෂක කසිප්පු සමග මාට්ටු

දිලන්ත Sunday, 13 August 2023 02:21 PM

එහෙනම් ඉතින් ඔරිජිනල් පොහොට්ටුවෙක්ම තමයි කසිප්පු, ඇමරේජන්, කංසා, කේරළ ගංජා සහ මත්කුඩු නැති පොඩි පොහොට්ටුවක් සෙවීම කිසිවෙකු නොමළ ගෙයකින් අබ ටිකක් සොයනවා වගේම තමයි... එහෙමම තමයි කැලෑව විනාශ කරන්නෙක් වැලි හා පස් බිස්නස් කාරයෙක් වගේම බලපත්‍ර නැතුව ගංගා විනාශ කරමින් දුවන පතල් කරන්නෙත් පොහොට්ටු නෑදෑයෝම තමයි..

:       0       0

මොහොට්ටාල Sunday, 13 August 2023 02:28 PM

ජාතික කියන්නෙ සමස්ථ රට වෙනුවෙන් කියන අදහසක් තියෙන වචනයක් නොවෙයිද. පළාත් පාලන ආයතනයක අමතරව ඉදිරිපත් කරන ලැයිස්තු ජාතික ලැයිස්තු කියන්න බැහැ . එය ජාතික ලැයිස්තු නම් එම ලැයිස්තුවේ කෙනෙකුට තමන් ඉදිරිපත් වූ සභා ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශයක ජනතා නියෝජිතයෙක් ලෙසට එම මැතිවරණය අවසන්ව පත්වීමට පුලුවන්ද කියලා දන්න කෙනෙක් කියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site