(විමුක්ති එස් රුද්‍රිගු)

පාකිස්තානයේ සිදු වූ පිපිරීමකින් 52 දෙදෙනකු මිය ගොස් තවත් 130 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

නබි නායක තුමාගේ උපන්දිනය සැමරීම සඳහා පැවති ආගමික උත්සවයකදී මෙම පිපිරිම සිදුව තිබේ.
මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් මෙම පිපිරිම සිදු කරන්නට ඇතැයි මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව පාකිස්තාන පොලිසිය පවසා ඇත.

මියගිය පුද්ගලයන් අතර පොලිස් නිලධාරියෙකු ද සිටින බවත් තුවාල ලැබූවන් සහ මියගිය පුද්ගලයන් ෂහීඩ් නවාබ් අනුස්මරණ රෝහලට සහ මස්තුන්ග් දිසා රෝහලට රැගෙන ගිය බවත් පකිස්තාන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

පිපිරීම නිරිතදිග බලුකිස්තාන පළාතේ පල්ලියක් අසලදී සිදුව ඇත.පිපිරීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.