
(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග ආරම්භ කරමින් ලාහෝර්හිදී අද (6) පැවැති තරගයේදී සත්කාරක පාකිස්තානය කඩුලු 7 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් විය.
පාකිස්තානු පිල ලකුණු 194 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 39.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
පාකිස්තානය වෙනුවෙන් ඉමාම් උල් හක් පන්දු 84 කින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 78 ක් රැස්කිරීමට සමත් විය.
මුෂ්ෆිකර් රහීම් පන්දු 87 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 64 ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය.
බංග්ලාදේශ පිල ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 193 (මොහොමඩ් නයිම් 2, ලින්ටන් දාස් 16, ශකීබ් අල් හසන් 53, මුෂ්ෆිකර් රහීම් 64, ශමීම් හොසේන් 16, නසීම් ෂා 34/3, හැරිස් රවුෆ් 19/4) පාකිස්තානය ඕවර 39.3 කදී කඩුලු 3 ට 194 (ෆාකර් ශමාන් 20, ඉමාම් උල් හක් 78, බාබර් අසාම් 17, මොහොමඩ් රිස්වාන් නොදැවී 63, අගා සල්මන් නොදැවී 12)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd