(යොහාන් භාසුර)

පාකිස්ථානයේ බෞද්ධ උරුමය පදනම් කරගෙන සකස් කළ 'ගාන්ධාර' වාර්තාමය චිත්‍රපටය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගියදා එළි දැක්වීය.

පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම වාර්තාමය චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී එළි දැක්වීය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් පකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය සහ සිද්ධිවිනයක් සිනෙ ආර්ට්ස් පුද්ගලික සමාගමේ සම නිෂ්පාදනයෙන් මෙම වාර්තා චිත්‍රපටිය නිර්මාණය කළේය.

මෙම වාර්තා චිත්‍රපටයෙන් ක්‍රිස්තු වර්ෂ 1 වැනි සියවසේ සිට හත්වැනි සියවස දක්වා බෞද්ධ ශිෂ්ඨාචාරයේ පැවති පාකිස්ථානයේ ගාන්ධාර ශිෂ්ඨාචාරය පිළිබිඹු කරයි.

ආචාර්ය අග්‍රහැර කස්සප හිමියෝ මෙම වාර්තා චිත්‍රපටියේ ජේෂ්ඨ උපදේශකවරයා ලෙස කටයුතු කළහ.