
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඕමාර් ෆාරුක් බර්ක මහතා කුච්චවේලි ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
කුච්චවේලි ප්‍රාදේශීය සභාවට පැමිණි පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඕමාර් ෆාරුක් බර්ක මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. මුබාරක් මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබිණි.
මෙම සංචාරයේදී අධ්‍යාපන, සෞඛ්‍ය, කලා, සංස්කෘතික ඇතුළු ප්‍රදේශයේ විවිධ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා සහ ප්‍රාදේශීය නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්විණි.
සුනාමි ව්‍යසනයෙන් සහ කොවිඩ් -19 හේතුවෙන්ද විශාල ලෙස පීඩාවට පත් කුච්චවේලි ජනතාවගේ ජීවනෝපාය, පානීය ජලය සපයාගැනීම ආදී ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, කුච්චවේලි, ජයා නගර් ප්‍රදේශයේ මහජන සම්බන්ධතා වැඩසටහනේ යටතේ පකිස්ථාන රජයේ සහයෝගය ඇතිව ඉදිකළ පොදු ළිඳක් විවෘත කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd