
(විමුක්ති එස් රුද්‍රිගු)
පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ඕමාර් ෆාරුක් බර්කි මහතා සහ පකිස්තාන කොන්සියුලර් ජෙනරාල් අෆ්සාල් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පරිගණක,ක්‍රීඩා භාණ්ඩ,වියළි ආහාර,මහන මැෂින් ප්‍රදානය කිරීමේ සහ සංඝරත්නය වෙනුවෙන් "අවසාකිය" නම් ආවාස ගෙය පරිත්‍යාග කිරීමේ උත්සවයක් ඊයේ (09) මාතලේ කෝංගලහාමුල්ල කිබාලාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.
එහිදී පාසල් ළමුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා පරිගණකද,කාන්තාවන් වෙනුවෙන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා මහන මැෂින් ප්‍රදානය කෙරුණු අතර ගවුඩුබෙල්ල මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන්ද පරිගණකයක්, පාපන්දු සහ ක්‍රිකට් උපකරණ එම විදුහලේ විදුහල්පතිවරයා වෙත ප්‍රදානය කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd