පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද ‘කොවිඩ්-19’ පරීක්ෂණයකට යොමු කර ඇතැයි වාර්තා වේ.
ඉකුත් දිනෙක පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණු දානපතියකුට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව අනාවරණය වීමත් සමඟ එලෙස පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල අද (22) පස්වරුවේ ලැබීමට නියමිතව තිබිණි.
පාකිස්තානයේ ෂාවුකාත් කානුම් අනුස්මරණ පිළිකා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් එලෙස අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගෙන් අදාළ සාම්පල ලබාගෙන ඇත.
‘‘වගකීම් සහගත අග්‍රාමාත්‍යවරයකු ලෙස මෙන්ම වගකීම් සහගත පුරවැසියකු ලෙස මගේ උපදෙස් පිළිපදිමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෛද්‍ය පරීක්ෂණයට යොමු වුණා’’ යැයි ෂාවුකාත් කානුම් අනුස්මරණ පිළිකා රෝහලේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය ෆයිසල් සුල්තාන් පැවැසීය.
වෛද්‍ය ෆයිසල් සුල්තාන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ද වේ.
මේ අතර පාකිස්තානයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (22) පස්වරු 6 වනවිට 9,749ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 209 දක්වා ඉහළ ගොස් තිබිණි.
ටයිම්ස් ඔෆ් ඉන්දියා
ඡායාරූපය – රොයිටර්
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පකිස්තානු අගමැතිත් කොරෝනා පරීක්ෂණයකට
kamal Thursday, 23 April 2020 06:58 AM
ලංකාවට පක්ෂපාතී හොද නායකයෙක්...