
රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්‍රතිලාභ අත් හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ සිය නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ආර්ථික අර්බුදය හේතුවෙන්, අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමේ අරමුණින්, විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුණු අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව මෙම තීරණය ගත් බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ.
රජයේ මුදලින් සිදුවන විදෙස් සංචාර නැවැත්වීම සහ කප්පාදු කිරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය අතරේ එකඟත්වයක් ඇති විය.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පාකිස්තානය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය අපේක්ෂා කරයි. ඒ සඳහා පාකිස්තාන රජය, මූල්‍ය වගවීම් ප්‍රවර්ධනය කිරීම සම ආර්ථික අභියෝග හමුවේ රාජ්‍ය සම්පත් ප්‍රශස්ත කිරීම සම්බන්ධයෙන් පියවර රැසක් අනුගමනය කරමින් සිටී.
යළිත් වරක්, පාකිස්තාන ජනාධිපති ධුරයට පත් වූ අසීෆ් අලී සර්දාරි ද සිය ධුරයේ දිවුම් දෙමින් පවසා ඇත්තේ, ජනාධිපතිවරයාට හිමි වැටුප හෝ දීමනා කිසිවක් හෝ තමන් ලබා නොගන්නා බවය.
අසීෆ් අලී සර්දාරි එම තීරණය ගත් අවස්ථාවේදී පාකිස්තාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය මොෂීන් නාකිව් ද පැවැසුවේ තමන් ද තමන්ට හිමි වැටුප ලබා නොගන්නා බවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්තානෙ...පකිස්ථානෙ....පකිස්ථානෙ එහෙම වුනත් ...ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.... අඩු ගානෙ අධිපතිවත් එහෙම හිතන්නෑ....
අපේ එකාට පකිස්ථානයේ අගමැතිගේ අවුරුද්දක පඩිය මදි ඇති ලෝකයේ වටේ රවුම් ගහන්න විතරක්.
අපේ රටේත් එහෙමලු. පහුගිය දවස්වල හිටපු ඇමැති රොනී ද මෙල් මහතාගේ අවමගුලට අධිවේගය තියෙද්දී හෙළිකොප්ටරයෙන් ගිහිල්ලා දේපළවලටත් හානි කළේ... දුෂ්කරතා හමුවේ තම තමන්ගේ වෛද්‍ය රක්ෂණ ලක්ෂ දෙකේ සිට ලක්ෂ 10 දක්වා වැඩිකරගත්තේ. තව තව කියන්න ගියොත් කට කහන හින්දා නවතින්නම්.
ඔය උඩ අදහස් පලකරලා තියන අයට මතකද දන්නේ නැහැ ඉම්රාන්ඛාන් අගමැති වුණු අළුත... අන්තිමට රටේ දේවලුත් තමන්ගේ නමට ලියාගෙන දැන් හිරේ...!
වැඩිම ඡන්දේ ගත්තෙ ඉම්රාන්ගේ කණ්ඩායම, හමුදාවේ වුවමනාවට ඉතිරි පක්ෂ එකතු වෙලා ආණ්ඩුවක් අටවා ගත්තා. මෙයාට මොකටද තව වැටුප්?