විනීතා එම් ගමගේ
පක්ෂ මාරු කරමින් විටින් විට එක් එක් පක්ෂවලට පනින දේශපාලකයන් තමන් පක්ෂය මාරු කළ හේතුව ජනතාවට හෙළි කළ යුතු යැයි පැෆරල් සංවිධානය කියයි.
එසේ හෙළි නොකරන ජනතා නියෝජිතයින් පෞද්ගලික ප‍්‍රතිලාභ වෙනුවෙන් පක්ෂ මාරු කර ඇතැයි සළකා ඔවුන් දේශපාලනයෙන් ඉවත් කරන්නට ජනතාව කටයුතු කළ යුතු යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
පක්ෂ මාරු කරන බොහෝ දෙනෙක් මුදලට බලයට හෝ වෙනත් ලාභයක් මත මෙසේ පිල් මාරු කරන බව හෙළිවන නමුත් හෘද සාක්ෂීයට එකඟව තමන් කැමති දේශපාලන මතයක් දරන්නට ජනතා නියෝජිතයින්ට ඉඩකඩ තිබිය යුතු යැයි ද හෙතෙම කියා සිටියේය.
මෙසේ යම් යම් ප‍්‍රතිලාභ මත පක්ෂ මාරු කරන්නට ප‍්‍රධාන හේතුව වන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති වීම යැයි ද පක්ෂ අභ්‍යන්තරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීම පක්ෂ නායකයින්ගේ යුතුකම්ක් වන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.
එසේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීම තුළින් ජනතා නියෝජිතයින්ගේ චර්යාවන් වෙනස් කළ හැකි වනු ඇතැයි ද හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පක්ෂ මාරු කරන දේශපාලකයන් එයට හේතු කියයි