IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පක්ෂ පාට වලට බෙදුනොත් රට වලේ

(අංජුල මහික වීරරත්න)

තව දුරටත් පක්ෂ පාට බලාගෙන දේශපාලනය කරනවා නම්  රටට අනාගතයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී ආර්ථික අර්බුදයේ නරකම කාලය අත්විඳිමින් සිටින බව කී විජයවර්ධන මහතා රට ගොඩ ගන්න නම්  පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජනය කරන සියලු දෙනා මෙන්ම පළාත් පාලන නියෝජිතයින් සියලු දෙනාම එකතු විය යුතු බව කීය.

පක්ෂ දේශපාලනය පමණක් නෙව පසුගිය කාලයේ  ආගම් ජාති වශයෙන් බෙදී සිටි බව කී විජයවර්ධන මහතා එවැනි භේද බින්න තියාගෙන  ඉදිරියට යන්න අවස්ථාවක් නැතැයි ද   සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු විය යුතු කාලය එළඹ තිබෙන්නේ යැයිද සඳහන් කළේය.

මහනුවර දේශපාලන  රැස්වීමක් අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව කීය.



අදහස් (0)

පක්ෂ පාට වලට බෙදුනොත් රට වලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 161 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 365 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site