(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ දේශපාලන පක්ෂ රැසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
ඉලංගෙයි මක්කල් දේශීය කච්චි, දෙමළ එක්සත් නිදහස් පෙරමුණ,ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය,එක්සත් කොංග්‍රස් පක්ෂය, ලංකා කොමියුනිස්ට් එකමුතු සංවිධානය,එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ,ශ්‍රී ලංකා එක්සත් එකමුතු පක්ෂය ලෙස සහාය දීමට එක්වූ බව එජාප මහලේකම්වරයා සඳහන් කරයි.
මූලික සාකච්ඡාවලින් අනතුරුව එම පක්ෂ වල නායකයින් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එජාපයට සහයෝගය පළ කර තිබේ.
ඉලංගෙයි මක්කල් දේශීය කච්චි වෙනුවෙන් එහි මහලේකම් එස්.විෂ්ණු කාන්තන්, දෙමළ එක්සත් නිදහස් පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දුෂ්යන්ත් මනලංගම්, ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය වෙනුවෙන් එහි උප සභාපති ඉන්දික සූරියආරච්චි, ශ්‍රී ටෙලෝ වෙනුවෙන් එහි මහලේකම් පී.උදයරාසා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක ආචාර්ය එන්.කුමාර ගුරුභවන්, එක්සත් කොංග්‍රස් පක්ෂය වෙනුවෙන් එහි නායක ඒ.එම්. මුබාරක්, ලංකා කොමියුනිස්ට් එකමුතු සංවිධානය වෙනුවෙන් එහි මහලේකම් ඊ.තම්බයියා, එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ වෙනුවෙන් එහි නායක ජගත් කරුණානායක, ශ්‍රී ලංකා එක්සත් එකමුතු පක්ෂය වෙනුවෙන් එහි නායක එම්.එස්.එම්. සතීක් යන මහත්වරු සිරිකොතට පැමිණ මෙම සාකච්ඡාවට එක්වූහ.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම සාකච්ඡා සදහා සහභාගී වූයේ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතායි.
එක්සත්ව හා රටට වැඩදායී ලෙස දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීම ඉතා ඉක්මනින් සිදුවිය යුතු බව ඉහත පක්ෂවල නායකයින් අවධාරණය කළ බවත් ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමටද ඔවුන් එකඟතාව පළ කළ බවත් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
එමෙන්ම ඉදිරි දෙසතිය ඇතුළත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩිදුරටත් සාකච්ඡා කිරීමටත්, අනතුරුව පුළුල් හා ජනතාවාදී දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීමටත් සිරිකොතට පැමිණි දේශපාලන පක්ෂ නායකයින් තීරණය කළ බවද එජාප මහලේකම්වරයා සඳහන් කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පක්ෂ ගොඩක් පොහොට්ටුව අතැර අලියා එක්ක හාද වෙයි
sam Tuesday, 14 June 2022 12:17 PM
මේවා මේ නමට විතරක්ද තියෙන පක්ෂනේ... අනික මේ රංගෙ බණ්ඩාරත් එක්ක මොන හාදවීම්ද?
Mahesh Tuesday, 14 June 2022 12:40 PM
UNP එකට කවුරු එක්ක හරි එකතුවෙලා බලය ගන්නයි ඕනේ. ඔය කව්රුවත් රටට වැඩක් කරපු කට්ටියක් නෙමෙයි. ඔය කාටවත් තේරෙන්නේ නැද්ද මිනිස්සු ඉල්ලන්නේ මොකද්ද කියලා. 225ම එපා කියලයි කියන්නේ. ඔය හිටපු කට්ටිය මාරුවෙන් මාරුවට කරපු හරියේ ප්‍රතිඵල තමයි අසරණ ජනතාව මේ භුක්ති විඳින්නේ. ඒ නිසා ඒක තේරුම් අරගෙන අළුත් පිරිසක් එක්ක අළුත් වැඩ පිළිවෙලක් එක්ක රට මේ තියෙන හිඟන තත්වයෙන් ගොඩගමු. හිඟාකන ආර්ථික වැඩතමයි මේ ඉන්න අයට තියෙන්නේ.
Kanthi Tuesday, 14 June 2022 01:20 PM
හොර, මැරකම්, දූෂණ, වංචාවන් කොමිස් ගැහිලි නවත්තපු තැනින් පටන් අරගෙන දිගටම කරගෙන යන්නත් ඕනෑනේ...