(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව සන්ධානය එක් නායකයකු යටතේ නොව ,නායකත්ව මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි
මේ අතර,එම නව සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කිරීමට ද යෝජනා වී ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ
අලුතින් පිහිටුවන නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන කණ්ඩායම් තුන නියෝජනය වන නායකයන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇති බවද පැවසේ.
කෙසේවෙතත් ,ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි එම සන්ධානය පිහිටුවීමට මූලික වී සිටින දේශපාලන පක්ෂ නායකයෙක් සදහන් කළේය
මේ අතර,නව සන්ධානයේ විධායක සභාවේ සියයට හතළිහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්,සියයට තිහක් නිදහස ජනතා සභාවටත් ඉතිරි සියයට 30 උත්තර ලංකා සභාගය ඇතුළු සෙසු කණ්ඩායම් වලටත් වෙන්කිරීමට ද යෝජනා වී ඇතැයි දැනගන්නට තිබේ.
නව සන්ධානය පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් , මේ සති අන්තයේ එහි කටයුතු නිම කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත්,සන්ධානයට පිහිටුවීමට මුල් වී සිටින දේශපාලන පක්ෂයක නායකයෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද බලමු මේ මැක්කෝන්ට චන්දෙ දෙන්නේ
මිනිස්සු බලාපොරොත්තු තියාගෙන ආණ්ඩු හදනවා ඒ ආණ්ඩු නිලදාරීන් එක්ක එකතුවෙලා ජනතා අපේක්ෂා මහ දවල් සුන්නද්දුලි කරනවා. මිනිස්සුන්ට තරහක් දුකක් ඇති වෙනවා.
එකම හොරු ටික වෙනත් නම් වලින්. දැන් මිනිස්සු ඕවට රැවැටෙන්නෙ නැහැ.
ඉස්සර කාලයේ කතාවක් තිබුනා ආඩි හද්දෙනාගෙ කැද හැලිය වගේ කියලා මෙතනත් වෙන්නෙ ඒකම තමයි රට තව තවත් අගාධයකට වැටී නැත්තටම නැතිව යාවි කියලා හිතෙනවා
ඡන්දයක් ඕනි ඒත් ඒ ඡන්දෙන් මුන් එකෙක්වත් එපා... කෙක්කෙන් බැරි වැඩේ කොක්කෙන් කරගන්ඩ මුන් මේ සෙට්වෙන්නේ... මුන් දේශපාලනය බූදලය, රස්සාව කරගෙන ඉන්න නිසයි මේ රට ගොඩගන්න බැරි
රට විනාශ කරපු අයගේ සංධානය. එතැනට අඩු පොහොට්ටුවයි, එජාපෙයි පමණයි...
කොහොම හරි සැප ගන්න ඔතනට රිංගන උපක්‍රමයක්. රට කාපු වල් හැත්ත ,මොන උප්පරවැට්ටියක් දැම්මත් , මිනිස්සු තොපි හොදට අදුරනව බොලව්
දැන් අපට පසහු තීරණයක් ගතහැකියි.......... ඔවුන්ව තොරා නොගන්න.
දැන් ඉන්න කවුරුවත් එපා... අළුත් වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් තෝරගනිමු මේ පාර... මිනිස්සුනේ දැන් දුක් වින්දා ඇති... මේ පාර ඔය කාටවත් රැවටෙන්න එපා. එදා ඉඳලා රැවටුණා. ඔවුන් දින්නා හැමදාම. අපි හැමදාම පරාදයි. අපි ඡන්දේ දීලා ඒ අය යවනවා. එහේ ගිහින් ඔවුන්ට ඕනෑ දේ ඔවුන් කරනවා. ඔවුන්ගේ ආරක්ෂාවට අවශ්‍ය නීතී ඔවුන්ම හදාගන වැජඹෙනවා. අපි පාරේ...