(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව පිටකොටුව මාර්ග අංක 100 දරණ පුද්ගලික බස් රථයක සේවයේ නියුතු කොන්දොස්තරවරයකු මගියකුගේ මුදල් පසුම්බිය පොකට් ගැසු සිද්දියක් සම්බන්ධයෙන් අද (14) අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පැවසීය.
මගියාගෙන් මුදල් පසුම්බිය සැකකාර කොන්දොස්තරවරයා සොරා ගනු දුටු තවත් මගීයකු විසින් සිදු කළ හෙලිදරව්වත් සමග ඔහුව පොලිසියට භාරදී ඇත.
සැකකරු හෙරොයින් මත්ද්රව්යයට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයකු බව පොලිසිය පැවසීය. ඔහු සන්තකව තීබී හෙරෝයින් මිලි ග්රෑම් 120 අත්අඩංගුවට ගෙන ඇත.
පොකට් ගැසීමට ලක්වු මගියා ගම්පහ ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු කිසියම් කාරනයකට මොරට අවට පැමිනීමට ගමන් ගනිමින් සිටියදී මෙම පොකට් ගැසීමට ලක්ව ඇත.
සැකකාර කොන්දොස්තර දෙහිවල පදිංචිකරුවනකු වන අතර ඔහු මීට පෙරද මෙවැනි ක්රියා සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක ඵල කරයි .
රුපියල් පන්දාහක් බැංකු කාඩ් සහිත මගියාගේ පසුම්බිය කොන්දොස්තර පොකට් ගහන විටම අල්ලාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd