(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

යතුරුපැදි සංචාරයේ රාජකාරියේ යෙදී සිටි    පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට  ඇල්විටිගල  ප්‍රදේශයේදී  වටකර  පහර දුන් බව කියන   වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට  පොලිසිය කියයි.

පහර කෑ පොලිස් හදිස්සි ඇමතුම් අංශයට අනුයුක්ත නාරාහේන්පිට  පොලිසියේ විශේෂ රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනා  නාරාහේන්පිට  පොලිස් රෝහල වෙත ඇතුලත් කර ඇත.

පහර කෑ නිලධාරීන් දෙදෙනා නාරාහේන්පිට  මහවත්ත  හන්දිය අසල රථවාහන නඩු ලබා ගැනීමේ රාජකාරී යෙදී සිටියදී   මෝටර් රථයක් දාබරේ මාවතේ සිට ඇල්බිටිගල මාවත දෙසට අධික වේගෙන් අපරික්ෂාකාරී ලෙස ගමන් කරන අයුරු නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය කියයි.

එම මෝටර් රථය හෝටලයක් අසල නවතා එහි සිටි පිරිස අධික ලෙස මත්පැන් පානය කර කරමින් කෑ ගසමින් සිට ඇති අතර මෝටර් රථය මාර්ගයෙන් පසෙකට ගන්නා ලෙස පොලිස් නිලධාරීන් දැනුම් දීමත් සමඟම එම පිරිස පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී තිබූ බව පොලිසිය සඳහන් කරයි.