IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පී.සී - කොස්තාපල් කසිප්පුවාගේ ගෙදර පාටියක් දාලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කසිප්පු ව්‍යාපාරිකයකුගේ බිංගිරිය ප්‍රදේශයේ නිවෙසට ගොස් කසිප්පු පානය කරමින් සිටියේයැයි කියන බිංගිරිය පොලිසියේ සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ පෙරේදා (27) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා බිංගිරිය ප්‍රදේශයේ පදිංචි නීති විරෝධී ක්‍රියා කිරීමට ප්‍රසිද්ධියක් උසුලන්නකුගේ නිවෙසට ගොස් මත්පැන් කරමින් සිටින බවට බිංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් සෝමසිරි මහතාට තොරතුරක් ලැබීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එම නිවෙස වටලා ඇත.

මෙම වැටලීම කරන අවස්ථාවේ එම නිවෙසේ කසිප්පු පානය කරමින් සිටියේ යැයි කියන මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදිය ද එහි දමා පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.

එම යතුරුපැදිය පසුව පොලිස් භාරයට ගෙන ඇත.

 



අදහස් (1)

පී.සී - කොස්තාපල් කසිප්පුවාගේ ගෙදර පාටියක් දාලා

කසිප්පුවා Tuesday, 28 May 2024 11:56 PM

ඕක මොකක්ද? මීට කලින් පොලිස්පති තනතුරේ හිටපු කෙනෙක් කුඩු මුදලාලි කෙනෙක්ගෙ ගෙදර පාටියකට ගිහිං ආතල් අරං තිබුණෙ. වල් ෆැන්ටා, ත්‍රයිලෝක විජයපත්‍ර, කුඩු, නීති විරෝධී පස් බිස්නස් කරන මොනතරම් කට්ටිය රටකරවන 226 ය අතරේ යහතින් ඉන්නවාද? එහෙම එකේ පහළම ඉන්න නිලධාරීන්ගේ වැරදි ගැන මොකට කතා කරනවද ?

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site