(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුලු පුද්ගලයන් තිදෙනෙකු මත් ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.

කුඩගම්මන ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයා ඇතුලු තිදෙනාම මීරිගම මාවීහේන  හා අවට පදිංචිකරුවන් බව හෙලිවී ඇතැයි පොලීසිය පවසයි.

2020 වසරේදී සේවයට බැදී ඇති කොස්තාපල්වරයා කලක සිට මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්තව සේවය කර ඇතැයිද ඔහු  පසුගිය ජනවාරි 15  න් පසු සේවයට වාර්තා කර නැති බව හෙලිවි යැයිද පොලිසිය සදහන් කරයි.

පොලිස් නිල හැදුනුම්පතද  සැකකරු සතුව තිබී පොලිසියට හමුවී ඇත.