(මනෝප්‍රිය ගුණසේකර)
අරගලයට අදාල අධිකරණ ක්‍රියාමාර්ග විවේචනය කළැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය සනත් නිශාන්තට 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද සිතාසි නිකුත් කළේය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව විනිසුරු සංගමය පැවරූ නඩුවක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩ ඉඳන් පල්ලෙහාටම ඔහොම තමයි.
සිතාසි බාරගනීවි සිනාසී...!
මෙයා ආණ්ඩුවේ ඉන්නකන් මොකුත් වෙන්නේ නැහැ...!
රට බේරගන්න අරගල කරපු වීරෝදාර ළමයින්ට පොර ටෝක් දිදී හිටපු කෙනා මට වැරදුණා කියන ගානට වැටුන නොවැ. අර ගමේ කතාවක් තියෙනවානේ... කොක්කෙන් හරි කෙක්කෙන් හරි ජනතාවට ඕන දේ වෙනවා නම් එච්චරයි ඕනෑ. (මේක ළඟදී ඇමෙරිකානු තනාපතිනියත් කියලා තිබුණු දෙයක්)
රනිල් රාජපක්ෂ ඉන්නකන් නිදොස්කොට නිදහස්... ස්ථිරයි.
මුහුණ දකිද්දීත් අප්පිරියයි..
පාර්ලිමේන්තුවට එවිය යුත්තේ යහපත්, උගත් අය බව ඡන්ද දායකයෝ දැන්වත් තේරුම් ගන්න.
රංජාට දුන්නා වගේම හොඳ දඬුවමක් ලැබීම සුදුසුය.
ඔන්න ඕක තමයි අපේ රටට නිදහස ගත්තු දවසේ ඉඳන් සිද්ධ වෙලා තියෙන නස්පැත්තිය... සර්වජන ඡන්දෙන් පාර්ලිමේන්තුවට යන්නේ මේ වගේ අමනයින් නිසා තමයි. අපේ රට තාම අගාධයේ තියෙන්නේ... රටේ මිනිස්සුන්ට ඔය දේවල් නොතේරෙන එක හරි භයානක වරදක්. මොකද මේ වගේ අය රටේ බලය අල්ලා ගත්තොත් රටේ ජනතාවට ඉන්න වෙන්නේ නිකම් බල්ලන් වගේ නිවට වෙලා... මේ අය නිකම් රජවරු වගේ කතා කරන්නේ...!