(විමුක්ති එස් රුද්‍රිගු)

ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී වර්තමානයේ ස්පාඤ්ඤයේ පාපන්දු කණ්ඩායමේ සිටින හොඳම ක්‍රීඩකයින්ගෙන් එක් අයකු වන  ලමින් යමාල්ව කුඩා කළ නාවමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයට ලෝක කුසාලන තරඟවලියේ අවසන් තරඟය පැවැත්වුණු අද වනවිට ලෝකයේම අවධානය හිමිව තිබූ අතර ඒ පිළිබඳව මෙසී මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමක් සිදු කළේය.

එහිදී මෙසී ප්‍රකාශ කර සිටියේ එම ඡායාරූප එකතුව 2007 වසරේ එෆ්.සී බාර්සිලෝනා පාපන්දු කණ්ඩායම සහ යුනිසෙෆ් සංවිධානය වෙනුවෙන් ගත් එකක් බවයි.

ඡායාරූප ශිල්පී ජෝන් මොන්ෆෝර්ට් විසින් එම ඡායාරූප එකතුව ගන්නා ලද බවත් සියලු දෙනාම කතා කරන ඒ ඡායාරූපය ඇත්තටම පුදුමාකාර එකක් බවත් මෙසී ප්‍රකාශ කළේය.

යමාල් යනු ස්පාඤ්ඤයේ පාපන්දු කණ්ඩායමේ සිටින හොඳම ක්‍රීඩකයින්ගෙන් එක් අයෙක් ලෙස සැලකේ යමාල් මව වන ෂීලා එබානාට , මාස 5ක් වයසැති යාමල් නිල් පැහැති ප්ලාස්ටික් බඳුනක තබා නැවීමට 20 හැවිරිදි මෙසී එහිදී සහාය වේ.

ඒ පිළිබඳව අදහස් දක්වමින් මෙසී ප්‍රකාශ කර සිටියේ බිළිඳෙකුව සිටියදී තම සමඟ ඡායාරූපයකට පෙනී යමාල් සමග ලෝක කුසලාන තරඟාවලියේදී ක්‍රීඩා කිරීමට ලැබීම සැබැවින්ම පුදුමාකාර බවයි.