
(තුසිත කුමාර ද සිල්වා)
වැඩි මිලට අලෙවි කිරීම සඳහා වැලිගොඩක සඟවා තිබූ ඩීසල් තොගයක් බේරුවල අබේපිටිය චාමර උයන ප්‍රදේශයේ නිවෙසකින් සොයා ගත් බව කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තබාගෙන අධික මිලට ඩීසල් විකුණන බවට පොලීසියට ලද තොරතුරක් මත එම නිවස වටලා ප්ලාස්ටික් බැරල්වලට පුරවා තිබූ ඩීසල් තොගය සොයාගෙන තිබේ.
මෙම පුද්ගලයා සතුව කිසිම වාහනයක් නොමැති බවත් ඇත්තේ පා පැදියක් බවත් ඔහු විවිධ පුද්ගලයන්ගේ වාහන රැගෙන ඉන්ධනහල් පෝලිම් වලට ගොස් කලක පටන් ඩීසල් රැස්කර මෙම ජාවාරම කර ඇති බවයි.
ඉන්ධන හලේ මිලට මෙන් තුන් ගුණයක වැඩි මිලට ඩීසල් විකිණිමේ ජාවාරම කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
ඇතැම් අවස්ථාවල ඉන්ධනහල් ඉදිරිපිට මෙම පුද්ගලයා ඉන්ධන ඉල්ලා කලහකාරීව හැසිරිණු අයකු බවත් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සේ ඕවට නැති දේවල් කවලම් කරලා ඒවා ලොකු මුදලක් දීලා ගහගත්තු වාහන මහ පාරෙදිම එන්ජිම නරක්වෙලා ගිනි ගන්නවා..!
ගෝල්ෆේඝ් අරගලේට වෙන්නැති ඝේවය කරන්නේ...!