(රෝෂන් තුෂාර)
සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් හා දේශපාලන ක්‍රියාකාරීන් පහළොස් දහසකට අධික පිරිසක් සහභාගි වෙනවා යැයි කියන උද්ඝෝෂණයට හා පාගමන වලක්වමින් වාරණ ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳු වත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂේප කළේය.
විවේචනය කිරීම අදහස් දැක්වීම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමක් බවට පූර්ව අධිකරණ නියෝග මගින් ද සනාථ කර ඇති බවට පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එසේ වාරණ ආඥාවක් නිකුත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් ලබා දී ඇති මානව අයිතීන් කප්පාදු කිරීමක් බවට සඳහන් කළේය.
කුරුදු වත්ත පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ මහජන පීඩාවන් වැළැක්වීමට මෙම ආඥාව ඉල්ලා සිටියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වගන්තියෙන් ලබා දී ඇති අයිතීන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති මගින් සීමා කළ නොහැකි බව පෙන්වා දුන්නේය.
මෙරට උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය.
මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය.
පා ගමන හා උද්ඝෝෂණය වළක්වන නියෝගයක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106වගන්තිය යටතේ නිකුත් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.එසේ නියෝගයක් නිකුත් කළ යුතු වන්නේ හදිසි සහ අත්‍යවශ්‍ය අවස්ථාවක බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති වල සඳහන්.මහජන පීඩාවක් හෝ අන්‍ය ක්‍රියාවක් කරන්නේ යැයි අනුමාන කරමින් කරන ඉල්ලීම් සඳහා නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය සුපරික්ෂාකාරී විය යුතුයි.
මෙවන් නියෝගයක් නිකුත් කිරීමට තරම් හදිසි සහ අත්‍යවශ්‍ය කරුණක් තිබෙන බවට කරුණු ඉදිරිපත් වී නැහැ.එක් එක් අයගේ හිතළු මත නියෝග නිකුත් කිරීම නොකර සුපරික්ෂාකාරීව අධිකරණය කටයුතු කළ යුතුයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දාහතරවන වගන්තිය අනුව සාමකාමීව රැස්වීම භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා.එම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහළොස්වන ව්‍යවස්ථාව මඟින් සීමා වන අවස්ථා තිබෙනවා.
එවන් සීමා වීමක් ගැන මේ අවස්ථාවේදී අධිකරණයට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නෑ."රැස්වීම " ට මිනිසුන්ට අනන්‍ය වූ අයිතියක් තියෙනවා.එම අයිතීන් උල්ලංඝනය කරමින් නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයකට බැහැ.ඒ අනුව මෙම අවස්ථාවේදී අත්‍යවශ්‍ය කරුණක් හදිසි අවස්ථාවක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.
කුරුඳුවත්ත පොලිසිය මගින් ඉදිරිපත් කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයින් දාසය දෙනෙකු නම් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පා ගමනට එරෙහිව ඉල්ලූ වාරණය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි
saki Tuesday, 30 January 2024 09:28 PM
සජිත් අපි එස්.අයිට විරුද්ධව නඩුවක් දාමු...!