(කීර්ති ප්‍රනාන්දු )
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම දන්සැල් හෙට (5) දින සිට(7) දින දක්වා දින තුනක් පරීක්ෂා කිරීම සිදුකරන බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. එම් .සාමබන්දු කුමාර මහතා පැවැසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 15 හි සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවා රාත්‍රි දෙකෙහිම දන්සැල් සෝදිසි කිරීම සිදු කරගෙන යන බව ද ඒ මහතා කියා සිටියි.
මේ වන විට දන්සල් පවත්වාගෙන යන සංවිධාන හා පුද්ගලයන් ඔවුන්ට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි ලියාපදිංචිවෙමින් සිටින බව ද හෙතෙම කීය .
දන්සල් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව එම ලියාපදිංචි වන දන්සල් පවත්වන්නන් හට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදී ඇති බව පවසන සාම බන්දු මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් පිළිනොගෙන මහ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර අයුරින් පවත්වාගෙන යන දන්සල් වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන බවත් එයටද අවනත නොවෙන දන්සල් වල ආහාර සහ එය පවත්වාගෙන යන පුද්ගලයන්ව අත්අඩංගුවට ගෙන නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය දන්සැල්වල මාලු බෙදන්න පුළුවන්ද? මොකද මාලු විකුණන්න තහනම් කරලා තියෙන්නේ... කන්න තහනම් කරලා නැද්ද?
ඇයි ගම්පහ විතරක්...?
අනේ පුළුවන් නම් කොම්ඤ්ඤවීදියේ තියෙන හෝටල් ටිකට පනින්නකෝ. මම හිතන්නේ ඔයාලා පැනලා, මොනරු දැක්කහම පනින එක නවතිනවා කියලා. නහය හාරලා, පිටිපස්ස හෝදලා, මේස අතගාලා, තියෙන අත්වලින්ම කෑම අල්ලලා බෙදද්දී කොහොමද අප්පේ අපේ PHI මහත්තුරු ඒ ගැන නොබලා යන්නේ...?
පෝල්මි් නැතිව සප්පායම් වෙන්න චාන්ස් එක පීඑච්අයි ලට.
දන්සල් තියෙන්නේ අවුරුද්දකට සැරක්. නගරේ තියන හෝටල් බේකරි වල පරිසුදුකම බලන්නෙ කවුද?