(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)
කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුරගමදී නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ(27)ජිවිතක්ෂයට පත්වූ කරන්දෙණිය පාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වනවිට යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්ලය කියයි.
දිලීප රොෂාන් කුමාරගේ නම් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙම වෙඩි තැබිමෙන් මිය ගියේය.
සිය කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ වෙනමම විශේෂ පොලිස් කණ්ඩායමක් මේ ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීම සදහා යෙදවූ බව ද එම කාර්යාලය කියයි.
මේ වනවිට මේ ඝාතනය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් තවමත් හදුනාගෙන නැති බවත් ඉදිරි දිනවලදි බොහෝවිට එය අනාවරණය කරගත හැකි බවද එම කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd