(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝක පාපන්දු කුසාලන තරඟවලියේ නෝර්වේ සහ එංගලන්තය අතර පැවැති තරඟයේදී නෝර්වේ රාජ්‍ය පරාජයට පත්වීමත් සමග නෝර්වීජියානු ගුවන් සේවය තම ඉන්ස්ටග්‍රෑම් ලාංඡනය තාවකාලිකව බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ලාංඡනයට මාරු කර ඇත.

පාපන්දු තරඟයට පෙර දෙරටේ ගුවන් සේවා සමාජ මාධ්‍ය ඔස්සේ ඇල්ලූ ඔට්ටුවක ප්‍රතිඵලයක් ලෙස නෝර්වීජියානු ගුවන් සේවය සිය ලාංඡනය මෙලෙස තාවකාලිකව වෙනස් කර තිබිණි. එම ඔට්ටුවට අනුව පාපන්දු තරඟයෙන් එංගලන්තය පරාජය වූවානම් බ්‍රිතාන්‍ය ගුවන් සේවය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලාංඡනය තාවකාලිකව නෝර්වේජියානු ගුවන් සේවයේ ලාංඡනයට මාරු කළ යුතු වූ අතර නෝර්වේ රාජ්‍ය පරාජයට පත්වුවහොත් නෝර්වීජියානු ගුවන් සේවය තම ඉන්ස්ටග්‍රෑම් ලාංඡනය තාවකාලිකව වෙනස් කළ යුතුව තිබිණි.

සුහද ඔට්ටුවක් ලෙස ආරම්භ වූ මෙයට පසුව මිලියන ගණනකගේ අවධානය යොමුවී තිබූ අතර අවසානයේ ගෝල 2 ට 1ක් ලෙස නෝර්වේ රාජ්‍ය පාපන්දු තරඟයෙන් පරාජයට පත්විය.