
(ගයාන් සූරියආරච්චි)
විදෙස් ආධාර මත මෙරටට ගෙන්වා රජය විසින් නොමිලයේ ගොවි ජනතාවට බෙදාදීමට තිබූ කිලෝ 50 පොහොර මිටි 348 ක් මරදගහමුල පොහොර ඇසුරුම් මධ්‍යස්ථානයකට විකුණූ බව කියන පොල් සංවර්ධන නිලධාරියකු ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.
එම පොහොර මිටිවල වටිනාකම රුපියල් විසි හත් ලක්ෂ අසූ හතර දහසක් පමණ වන බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිඋල්ල, කුරුණෑගල, මීරිගම යන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 8 දෙනෙකි.
දිවුලපිටිය පොලිසියට ලද තොරතුරක් මත ඉකුත් (9) බඩල්ගම පාර මරදගහමුල පිහිටි එම පොහොර ඇසුරුම් මධ්‍යස්ථානය වටලා කළ විමර්ශනවලදී එම ඇසුරුම් මධ්‍යස්ථානයේ ගබඩා භාරකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත එම පොහොර මිටි අලෙවි කළ බව කියන පොල් සංවර්ධන නිලධාරී ඇතුළු අනෙකුත් සැකකරුවෝ පොලිසිය අත්අඩංගුවට ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර සාධාරණ මිලකට විවෘත වෙළඳ පළට දෙන්න බැරිද? මේ බෙදන විදිහට අපිට ඒ වෙනුවෙන්ම දින ගණනාවක් වෙනම බලාගෙන ඉන්න ඕනෑ. නිකම් ඉන්න අයට මිස රැකියාවලට යන අයට පොහොර ගන්න බෑ...