(අංජුල මහික වීරරත්න)

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ නේපාලයේ හිටපු අගමැති පුෂ්ප කමල් දාල් මහතා අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලය ගැනීමට පෙර දේශපාලන පක්ෂයක් ලෙස පැමිණි ගමන් මග පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලද අතර නේපාල කොමියුනිස්ට් පක්ෂයේ අත්දැකීම් පිළිබඳව මෙහිදි සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාවට ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හා ට්‍රයිකොන්ටිනෙන්ටල් සමාජ පර්යේෂණ ආයතනයේ විජය ප්‍රසාද්, නැගෙනහිර චීන පොදු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂින්යු ලූ, නේපාල කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික බල්රාම් බනකෝටා, නේපාල කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික ගංගා දාල් සහ International People's Assembly නියෝජිත ටින්ග්ස් චැක් ඇතුළු පිරිසද සහභාගී වූහ.