(ෂේන් සෙනෙවිරත්න සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල් 70ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද (03) දා වසා දමා ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා කියයි.

එම නිවාඩු දිනයට හිලව් දිනයක් වශයෙන් සෙනසුරාදා දිනයක පාසල් පැවැත්වෙනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.