
(නිමල කොඩිතුවක්කු)
ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කළ වර්ෂ 2022 දී මිය ගිය නැදුන්ගමුවේ විජය රාජා හස්තියා නැවත ප්රතිනිර්මාණ කටයුතු මේ වන විට අවසන් ව ඇතැයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසයි.
නැදුන්ගමුවේ විජය රාජා හස්තියා නැවත ප්‍රතිනිර්මාණය කර අනිද්දා (11) දින සිට ජාතික කෞතුකාගාරයේ, ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී මහජන ප්‍රදර්ශනයට විවෘත වන බවත එහි අධ්යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය පැවසුවාය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මෙම වෘපෘතිය සඳහා රුපියල් මිලියන 25ක් පමණ වැය වූ බවත් විශේෂිත වීදුරු කුටියක මෙම ප්‍රතිනිර්මාණය කළ හස්තියා ප්‍රදර්ශනයට තැබෙන බවත් කස්තුරිආරච්චි මහත්මිය සඳහන් කළාය.
මෙම හස්තියාගේ සම ඉවත් කිරීමේ කටයුතු සහ එහි සංරක්ෂණ කටයුතු සඳහා දින 10ක් පමණ ගතවූ බවත් ඒවා නිවැරදි මිමිවලට අනුව ඉන් අනතුරුව හස්තියාගේ ප්රතිනිර්මාණ කටයුතු ආරම්භ කළ බවද ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd