
(රවින්ද්‍ර ලියනගේ)
නාත්තණ්ඩිය නගරයේදි බිමත්ව සිටි යාචකයන් තිදෙනකු අතර ඇතිවු ගැටුමකදි එක් අයකු කැපුම් තුවාල ලබා මිය ගොස් ඇති බව මාරවිල පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්වු ඇත්තේ කාක්කපල්ලිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකටයුතු අන්දමින් නාත්තණ්ඩිය නගරයේ වෙළද සැලක් ඉදිරිපිටි පුද්ගලයකු මිය ගොස් ඇති බවට මාරවිල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිළධාරි කන්ඩායමක් ගොස් විමර්ශණයක් ආරම්භ කර තිබුණි.
එම විමර්ශනයේ දි අනාවරණය වි ඇත්තේ මියගිය පුද්ගලයාගේ වම් අතේ මැණික් කටුව ආසන්නයේ දරුණු කැපුම් තුවාලයක් සිදුවිමෙන් ඇති වු අධික රුධිරය වහනය විමෙන් මරණය සිදු ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd