
(සුමතිපාල දීයගහගේ )
නෙලුව මහකන්දවත්ත ලිපිනයේ පදිංචි 7 හැවිරිදි අතුරලිය වික්‍රමගේ ටෙරාෂා පහන්දි නැමැති දැරිය ඊයේ (15) සවස් කාලයේ සිට නිවසේ නොමැති බවට දැරියගේ පියා නෙලුව පොලිසියට පැමිණිලි කර තිබේ.
පැමිණිලිකරු බිරිඳගෙන් දික්කසා දවී ඇති අතර දරුවාගේ මවගේ නංගී සහ තවත් පිරිමි පුද්ගලයෙකු ඊයේ සවස දරුවා බැලීමට පැමිණ තිබේ.
තමා තේ කර්මාන්තය ශාලාවේ වැඩ කරමින් සිටින විට දරුවා නිවසේ නොමැති බව රාත්‍රි හතයි දහයට පමණ ආරංචි වූ බවත් මවගේ නංගී දරුවා රැගෙන යන්නට ඇතැයි සැක කරන බවත් දැරියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.
දැරියගේ මව සෙවනගල ප්‍රදේශයෙන් දෙවන කසාදයක් කර ගෙන ඇති බවද අනාවරනයවී තිබේ.
නෙලුව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික උරුමයක් කියන්නේ මිනිස්සු අතර ජීවත් වෙන දෙයක්. අපේ ජනගී ජන කතා රැකුණේ ඒ විදියට. මිනිස්සුන්ට ඕන නම් ඕක තියා ගනියි නැත්නම් අමතක කරලා දායි. අමුතුවෙන් ඕකට නීති ඕන වෙන්නේ නෑ. රටේ දේශපාලකයොන්ට දැන් එල්ලෙන්න වැලක් වත් නෑ.
ජනතාව කුලප්පුකර අපහසුතාවයට පත්කරන නිර්ලජ්ජිත උප්පරවැට්ටියක් බව පැහැදිලිය.