
(ගයාන් සූරියආරච්චි සහ ආරියරත්න රණබාහු)
කොළඹ නෙළුම් කුළුණේ ඉහළ සිට බේස් පැනීමේ ඉසව්වට ඊ සහභාගිවූ විදේශ ජාතිකයකු පැරෂුටය ක්‍රියාත්මකවීමට ප්‍රමාදවීමෙන් පිම්ම වැරදී නෙළුම් කුළුණේ පහළ කොටසේ වැදී තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි ඇමෙරිකන් ජාතික පුද්ගලයකු බව පොලිසිය පවසයි.
බේස් පැනීමේ ඉසව්ව ඊයේ (12) නෙළුම් කුළුණේදී ආරම්භ කෙරුණු අතර අද (13) දිනයේද එම ඉසව්ව පැවැත්වුණු බව පොලිසිය පවසයි.
එහිදී තුවාල ලැබූ ඇමෙරිකන් ජාතිකයා නෙළුම් කුළුණේ ඉහළ සිට බේස් පැනීමේ ඉසව්වට සහභාගිවී තිබූ අතර ඒ අතරවාරයේදී පැරෂුටය ක්‍රියාත්මකවීමට ප්‍රමාදවීම හේතුවෙන් බිමට පතිතවීමේ ඉලක්කය වැරදී නෙළුම් කුළුණ පහළ කොටසේ එම ක්‍රීඩකයා වැදීමෙන් පාදවලට තුවාල සිදුවීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවසීය.
බේස් පැනීමේ ඉසව්ව අද (14) දිනයේත් පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙළුම් කුළුණෙන් පැන්න ඇමෙරිකානුවාට පිම්ම වැරදේ
ජගත් ලියනගේ Monday, 13 May 2024 02:41 PM
පැරශූට් හරියට වැඩ කරනවා ද නැද්ද යන්න කලින් සොයා බලල, ඔය වැඩ කරනවා නං හොඳයි .
sudddaMonday, 13 May 2024 04:01 PM
පැරශූට් හරියට වැඩ කරනවාද බලන්න තමයි බිමට පැන්නේ... ඒක වැඩ කරන්නේ නෑනේ...!
Prabha Monday, 13 May 2024 04:16 PM
ජගත් පොඩ්ඩක් කියලා දෙනවද? ඒක කොහොමද කරන්නේ කියලා...?
සෙනෙවිරත්න Monday, 13 May 2024 02:53 PM
විදේශිකයාට පැරෂුටයක් වත් තිබුණා, අපට වෙන්නේ නිකන්ම බිමට වැටෙන්න...!
උපුල් Monday, 13 May 2024 04:55 PM
නෙළුම් කුළුණ හදපු කෙනාගෙ පුතා ඉස්සෙල්ලා බිමට පන්නලා අවුලක් නැත්තං අනික් අය පැන්නුවා නම් හරි නේද?
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 13 May 2024 08:41 PM
ඔය කණුව හිටවන්න මුලින්ම ඕන උනේ මැදමුලන හැරමිටි මයිනාගෙ ගොබ්බ කොළුවා වන අනාගත ජනාධිපති වීමට දවල් හීන දකින නාමල් පැංචාය. මේකා දිවා ආහාරයෙන් පසුව ගොරව ගොරවා නිදියන විට මාර හීනයක් දැක්කලු. විගහට අවදි වුණු නාමල් නාම්බා ජනපති මයිනා ගෙ ඔපිසි කාමරයට කඩාවැදී, නිදි කිරමින් හිටපු මයිනා අවදිකර...." අප්පච්චි, ප්‍රංශය ලොක ප්‍රසිද්ධ උනේ පැරීසියේ තිබෙන අයිෆල් කුළුණ නිසාය. අපි ඊටත් වඩා උස කුලුණක් හදලා ප්‍රසිද්ධ වෙමු" කිව්වා....( මෙය සත්‍ය සිදුවීමක් බව සලකන්න) මයිනා ගෙ අතිජාත මිත්‍රයා වන ෂී ජින් පිං- පොං ගෙන් ගිනි පොලියට ණයක් අරන් හදපු එක තමා නාමල් නාම්බා කූළුණ කියන්නේ!!! අර ඇමරිකානුවා වෙනුවට නාම්බා පැරෂුටයක් නැතිවම යවන්න තිබ්බ නෙද??
වීර Monday, 13 May 2024 11:03 PM
කෙහෙල් රබුක් මාත් පිටරට ගිහිං පැන්නා.. මෙග පුතත් චූ කරන්න ප්ලේන් ඒකෙ දොර අැරල පනිනවා හා හා හා..
Ari Sam Tuesday, 14 May 2024 05:17 AM
මම හිතන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කරන විදේශිකයන්ට රජයේ රෝහල්වල, එක්කෝ තුවාල වූවන් හෝ වෙනත් ආකාරයකින් අසනීප වූවන්ට ප්‍රතිකාර කිරීමට වැය කරන එකම රට ශ්‍රී ලංකාවයි. වෙනත් රටවල විදේශිකයන්ට ප්‍රතිකාර සඳහා මුදල් ගෙවිය යුතුයි. ඔවුන්ගේ රැකියා වීසා බලපත්‍රය වසර X ට වඩා අඩු නම් විදේශීය ශ්‍රමිකයන්ට ද මෙය අදාළ වේ. අපේ වියදමින් විදේශිකයන්ට සලකන්නේ ඇයි?
Mr. Tuesday, 14 May 2024 07:08 AM
පැරෂුටය චෙක් කරන්න ඕන නැහැ.... පනින කෙනා තමයි චෙක් කොරන්ට ඕන... බයියෙක් නෙවෙ නම් අවුලක් නැහැ... බයියො නම් පන්නන්න එපා.. හාල් පොත වගෙ තියෙන චන්ද ටිකටත් කෙලවෙන වැඩක් ඕක..