(නාලක සංජීව දහනායක)
නෙළුම් කුළුණ ඉදිකිරීමේ මුල් දිනයේ සිට අද දක්වාම සියලූ ගෙවිම් සිදුකර ඇත්තේ ඒලිට් සමාගමට නොව චයිනා නැෂනල් ඉලෙක්ට්‍රිකල්ස් සමාගමේ ගිණුමට බව අදාළ සමාගමේ ලියකියවිලි වලින් තහවුරු කරගත හැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙවැනි ව්‍යාපෘතියක් ඉදිකිරීමේ කීර්තීය පොහොට්ටු පාර්ශවයට ලැබීම වැළැක්වීම සඳහා මෙම රුපියල් බිලියන දෙකේ මඩ ප්‍රහාරය එල්ල කළ බව තමන් විශ්වාස කරන බවද ඔහු එම නිවේදනයෙන් කියා සිටී.
එහි මෙසේද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රමුඛ පෙලේ චීන රාජ්‍ය සමාගමක් අතුරුදහන් කරවූ අපේ ජනපතිට උපහාරය... වෙන කාටද මෙහෙම වැඩ කරන්න පුළුවන්..?
එතුමා කියපුවා සහ සොයාගත් දේවල් අතර මෙය කලබල වීමට කරුණක් නොවේ.
අසත්පුරුෂයාගේ කටේ කෙටේරියක් කියනවනේ...
ඇයි මේ කලබල? ආප්ප දීපු ඔබතුමා දන්නවා ආප්ප ඇනුවේ, හැදුවේ කවුද කියලා. කාපු එක්කෙනා දන්නේ රහ විතරයි. දීපු ආප්පවලට කෝකියා මොනවදෝ දාලා. බලමු අපි හිතාමතාද, නැතිනම් අත්වැරැද්දකින්ද කියලා. ඔබතුමා අහලා ඇතිනේ මලබද්ධය හැදුණාම තියන අමාරුව? ඉවසගෙන ඉන්න. තව ටික දවසයිනේ... හැබැයි ඉතින් යන යකා කොරහත් බිඳගෙන යන්න හදනවා නම් ගේමු හොඳ යකැදුරෙක් ගම් පළාතෙන්... හල් දුම්මල එහෙම ටිකක් ලැහැස්ති කරගන්නකෝ...
මොකද නැත්තේ අමාරා...? තමුන්නැහේ නොකළ වරදක් කළා කියලා කිව්වාම එපා වෙන්නේ නැතිද? නිකන් බොරුවට කටමැත දොඩවන්න එපා. මොනවහරි දෙයක් ලියනකොට මොලයත් පාවිච්චි කරන්න.
මෙම සමාගම විදුලි සංදේශ සහ මිසයිල තාක්ෂණ ආයතනයක්...
හිටපු ලොක්කා කරලා තියෙන වැඩ හැටියට මේක පුදුම වෙන්න කාරණාවක් නොවෙයි හලෝ...
ජනාධිපති කතාවේදී මොනවද කියන්නේ කියලා නිලධාරීන් දන්නේ නැතිනිසා, නිලධාරීන්ට කරන්න දෙයක් නැහැ... අහගෙන ඉන්නවා හැර...
මේක ජනාධිපති එජාප මන්ත්‍රීවරු එක්ක චීනයේදී කලින් කියලා තියෙනවා. කවුරුත් හිනාවෙලා යන්න ගිහිල්ලා කවුරුත් ගණන් අරන් නැහැ.
ඔබතුමා මේ ගැන කලබල වියයුතු නැහැ. මේ කියපු අයට දුන් අන්තිම ලණුව මෙය විය හැකියි. ඒ ලණු කා එතුමාට අසරණ වීමට දැන් සිදු වී ඇත. සත්‍ය නම් දැන් කළයුත්තේ මෙම ලණුව දුන් අය පිළිබඳව වහාම නම්ගම් ඇතිව හෙළි කිරීමයි. එවිට අයගේ රෙදි ගැලවී යාවි... මෙය ප්‍රකාශ කලේ කිසිම ගණන් බැලීමකින් තොරව බව හොඳ හැටි පැහැදිලිවේ...
මහින්ද රාජපක්ෂතුමනි, ඔබ දැන්වූ සියලු දේ සත්‍යයක් බව ලංකාවේ සියලු දෙනා දැන සිටියි. ඔබේ ප්‍රතිචාරයට ස්තුති කරන්නෙමි. මෙම සිද්ධියෙන් පසු ජනාධිපතිවරණයෙන් ශ්‍රීලනීපයෙන් සහාය නොලැබුණත් එයාලගේ ලක්ෂ 14 පොහොට්ටුවට ඡන්දෙ දෙන්න තීරණය කර හමාරයි. ස්තුතියි...
ප්‍රංශයේ අයිෆල් කුලුනට මෙය සමානද කියන එක නම් ප්‍රශ්නයක් නේද මහින්ද මහත්තයා...?
අනේ පව් සිරිසේන.. කට විතරයි.
170 න් කීප දෙනෙකු ඇරුණම ඔක්කොම හොරු. ඉතින් කව්ද ඇත්ත කියන්නේ කියලා හොයන්න අමාරුයි.
අපේ වර්තමාන ජනාධිපතිතුමා ග්‍රාමසේවක රැකියාව කොහොමද කළේ කියලා හිතෙනවා. මේ වගේ සොයානොබලා කට වැඩ කරන හැටි දැක්කම. අඩුම ගණනේ පත්තරෙන්වත් කියවලා නැතිව වගේ මේක කියලා තියෙන්නේ.
ආපහු අගමැති දුර දෙනවා නං යනවද? මේ සේරටම ලැජ්ජා නැහැ.
ආ ...මම එහෙම දෙයක් කීවද? මමත් දැක්කේ පත්තරෙන්..
ජනාධිපති කියනදේවත් විශ්වාස කරන්න බැරි රටක් වෙලා. ජනාධිපතිත් ගොඩනැගිල්ලක් විවෘත කරන අවස්ථාවේවත් මෙවැනි කතා නොකියා වෙන අවස්ථාවක් තිබුනෙම නැද්ද?
ළඟින් ගියොත් ඇහැක් නැහැ කියන එකනේ.. පුත්තු ජයට මගුල් කනවා, පවුල් කනවා. කවුරුවත් රැකියාවක් කරනවද? කියන්නේ විද්‍යාඥයෙක් කියලා... අඩුම ගණනේ කළගුණයවත් කියනවද? රජයේ මුදල්වලින් තමයි පුත්තු වැජඹෙන්නේ.. පරම්පරා ගාණකට හම්බ කරගත්තා දන්නවා. පුත්තු රැකියාවක් කරන්න තරම් ඉගෙනගෙන නැහැ කියලා..
අන්තර්ජාලය මගින් විමසා බැලීමේදී අදාල සමාගමේ ලිපිනය සහිත වෙබ් පිටු ඇති මුත් සත්‍ය ලෙසම එහි දක්වන ලිපිනයන් තුළ මෙකී ගනුදෙනුවට අදාල සමාගම එහි තිබේද යන්න වගකීමෙන් තහවුරු කළ යුතුය. අප කිසිවෙකුට හෝ මාධ්‍ය තුලින් හෝ එය කළ නොහැක. ඒ සදහා තානාපති සේවය මගින් එකී සමාගම සහ එකී සමාගම පවතින ලිපිනය නීත්‍යානුකූලව තහවුරු වීමට වගවිය යුතුය. එතෙක් කවුරු කුමක් කීවද පිළිගත නොහැක. ඊට පසු ගනුදෙනුව පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකව විමසා ඒ පිළිබඳව විමර්ශනය කිරීමෙන් ගනුදෙනුව පිළිබඳ සැබෑ තත්වය එළිකර ගත හැකි වනවා ඇත.
චීනෙන් සල්ලි අරන් ලොක්කා නැව් එන්නේ නැති වරායක් හැදුවා. ප්ලේන් එන්නේ නැති ගුවන් තොටුපොලක් හැදුවා. දැන් ණය අරන් කුළුණු ගහලා. ඔබතුමා මෙරට බංකොලොත් කරලා ගියේ. දැන් නැවත බලය ඉල්ලන්න ලැජ්ජා නැද්ද?
මේ හලෝ, ඔය චෝදනා කරේ කලින් එක පතේම කාපු "සහෝදරයා" වන ජනපති බව අමතක කරන්න එපා! එජා. පෙරමුණ රජය මේ ගැන හෙළිකරා නම් තත්වය කොහොම හිටීවිද? හිත්පිත් නැති කොන්ක්‍රීට් කණුවක් වන්දනා කරන තරමටම විරුද්ධ පක්ෂ නායකයා වැටී සිටීම ඉතාමත් දුක්ඛදායක නොවේද? ඒ අතරම මැදමුලන ලොක්කා චීන වන්දනාව මැතිවරණය ආසන්න වනවිට යළිත් පටන්ගෙන තිබෙන බව පේනවා.
සාටකයින්ගේ අනුගාමිකයන් කියනවා ජනපතිව නොමග යවලාලු මේ ප්‍රකාශය කලේ.. ඔව් ජනපති බබානේ නේද?
අනේ, පව් ඉල්ලන් කන්නයි හදන්නේ, නෙලුම් පොහොට්ටු කුළුණ... තව ගොඩක් තියෙනවා ඔය ගරු ජනාධිපතිතුමාගෙන් ඉතුරු ටිකත් ඉල්ලන් කන්නයි ඔය හදන්නේ..
මේක හොයද්දි පරණ, ගුවන්තොටුපොළේ අත්තිවාරමේ ඒවා..., වරායේ ඒවා, අධිවේගී පාරවල් වල ඒවා, ක්‍රීඩා පිටිවල ඒවා, ස්මාරක වල ඒවා, මිග් ගනුදෙනු වල ඒවා, 2015ට පෙර බැඳුම්කර වල ඒවා, කොටස් වෙළඳ පොලේ ඒවා, ඇපලෝ හොස්පිටල් ඒවා, තරු 5 හේ හෝටල් ගත්ත ඒවා, ඔඩෙල් ආයතනය වගේ තවත් ආයතන ගත්තු ඒවා, මෙකී නොකී තවත් ඒවා, එළියට එ්විදෝ මන්දා... මොකද මේවා මහජන බදු මුදල් නිසා... !!!
සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල ලෙස එවකට ගණන් බලා තිබුණේ රුපියල් බිලියන 19කට වැඩි ගණනකි. ආසන්න වශයෙන් බිලියන 20කැයි කිවහොත් රුපියල් කෝටි 200ක් යනු හරියටම ඉන් 10%කි. පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ බැසිල් රාජපක්ෂට පටබැඳී තිබුණු ඉතාම ප්‍රසිද්ධ අන්වර්ථ නාමය වූයේ ද "මිස්ටර් ටෙන් පසන්ට්" ය.