
(යොහාන් භාසුර)
කොළඹ නෙළුම් කලුන නැරඹීමට ජනතාවට ප්‍රවේශපත් අළෙවියෙන් ඊයේ (18) රාත්‍රී වන විට රුපියල් කෝටියකට ආසන්න මුදලක් උපයා ඇතැයි නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි.
නෙළුම් කුලුන පසුගිය 15 වැනිදා විවෘත කිරීමෙන් පසුව රුපියල් ලක්‍ෂ 15 කට ආසන්න මුදලක් ප්‍රවේශපත් අළෙවියෙන් ලැබුණු බවත් නැරඹන්නන් 7,000 ක පමණ සංඛ්‍යාවක් ඊයේ (18) දිනයේ පැමිණ ඇති බවත් නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ නිලධාරියකු පැවසීය.
නරඹන්නකු රුපියල් 500 ක ප්‍රවේශපත් මිලදීගත යුතු බව කී එම නිලධාරියා දිනපති පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වා නෙළුම් කුලුන විවෘත බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ ලංකාවෙ මිනිස්සුන්ගෙම සල්ලි. ඒක නිසා ඒ ආඩයමෙන් රටට වැඩක් නැහැ. අනික ඒ දවස් හතරට වියදම කෝටි කීයද කියල නැහැනෙ.
ගොඩ, ගොඩ! ඔකෙන් ගත්ත ණය ටික ඉක්මනට ගෙවල දාල ඉතිරි සල්ලි මහ බැංකුවව ට ඩාල තියන්න, ලොක්කට කියල සිංගප්පූරැවෙ එක්කෙනාව ගෙනත් මහ බැංකු අදිපති කරමු, එතකොට සනීපයි.
මේ කියන බොරු බේගල් ඇත්තය කියලා යන්නම ඕනේ බලන්න.. පළමු දින මා ගිය අවස්ථාවේ මිනිසුන් සිටියේ නැහැ දවස පුරාම පැමිණ තිබෙන්නේ 500 ක විතර ගණනක් මා හොඳින් දන්නා එහි ප්‍රවේශපත් නිකුත් කරන කෙනකුගෙන් දිනපතා ලබා ගත් නිවැරදි තොරතුරු අනුව මේ මාර්කටින් ප්‍රෝඩාවක් වැඩි වැඩියෙන් මිනිසුන් ගෙන්වා ගන්න ඔබ දුටුවාද? කිසිම පෝලිමක් තිබෙනවා මෙය නරඹන්න යන්න...
තවම මෝඩ කතා කියමින් ජනතාව අන්දවනවා. අපට පිටරටින් ඩොලර් ගෙන්නගන්න ක්‍රමයක් තමයි වැදගත්...
ඒ කියන්නේ 365/4 = 91.25 අවුරුද්දකදී රුපියල් කෝටී 91.25... අයි.එම්.එෆ් ණයත් ගෙවලා රටත් ගොඩ.. චූටි සැකයකට තියෙන්නේ අර හිටපු ජනාධිපති කෙනෙක් රටටම හඬගා කී මාටියා ගැසු මිලියන දෙසීය කෝ?
ටිකට් විකුණලා නඩත්තු කළත්, රජයෙන් නඩත්තු කළත් ජනතාවගේ සල්ලි...
කවුද කියන්නේ මිනිස්සුන්ට කන්න නැහැ කියලා. ඕවා ඔක්කොම බොරු කතා. අපි තමයි සතුටින්ම ඉන්න ජාතිය. අපි තමයි සවර්ධිතම රට. අපි වගේ සුපිරි ජාතියක් ලෝකෙ කොහෙවත් නෑ,
නෙලුම් කුළුණ මුදුනට ගියාම ජනතාව ගිහින් තියෙන සීගිරිය ,ගෝල්ෆේස් මුහුද,ශ්‍රීපාදය වැනි ස්ථාන කියලා පෙන්වීම මිසක් එම ගොඩනැගිල්ලෙ හැටි තිබෙන දේවල් ගැන කිසිම පැහැදිලි කිරීමක් නැහැලු තැනටම ගිහින් සියැසින් දුටුදේ ඈතක සිට බැලී.මෙන් ඵලයක් තිබේද .එතැනට ගියපු කෙනෙක් කිව්වෙ කරන්නෙ ගසාකෑමක් කියලා.
බියගම මැෂින් එකෙන් අඩුවට අච්චු ගහගන්න පුළුවන්කම තිබුණ එකේ මොකට මහන්සි වෙනවද. ඔය ගමන් ලෝකෙට ණය උණු හැටි බලන්න මහ බැංකුව පැත්තෙත් ගිහින් ආවා නම් හොඳ නැද්ද?
අපේ රටේ මෝඩයන්ට මෙහෙම වෙලා මදි….බඩ පිටට ඇලුනත් බයියෝ බයියෝමයි. අසූචි ගොඩක් මහා බලගතු කෑමක් කියා පෝලිමක් ගැහුවනම් පැය ගානක් පෝලිමේ ඉදලා ඒකත් රහ බලයි.
නෙලුම් කුළුණ පෙන්වමින් කරන්නෙ ජනතාව ප්‍රතික්ෂේප කරපු රාජපක්ෂ පරපුර ප්‍රවර්ධනය කිරීමක් කියන්න පුළුවන් ජනතාව දන්නෙ නැහැ මේවා හදපුනිසානේද මේ රටට කෙලවුනේ කියලා .එක චීවරධාරියෙක් කියලා තිබුන තව්තිසාවට ආව කියලා හිතුනා කියලා මෙහෙම මෝඩ මිනිස්සු බලන්නෙ කට බඩ පුරවා ගන්න පමණයි.
කුළුලුනුවලින් රටේ ජනතාවගේ ආදායමක් ලබා ගැනීම නොව දේශීය නිෂ්පාදන අපනයනයෙන් රට ගොඩ ගැනීමට , රට කරන්නන්ගේ අවධානය යොමු විය යුතු නොවේද ?
මම අහන්නේ ඔය මහලොකු කුළුන නඩත්තු කරන්න දවසකට කීයක් වැය වෙනවද? තාවකාලිකව සතුටුවෙන්නන්ගෙන් මේ ලබන ආදායම සැමදාම ලැබෙනවද? මෙහි නඩත්තු වියදම ගණනය කල යුත්තේ වසර අවසානයේදී නොවෙයි. එහෙම නැති උනොත් ඉතින් මෙහි බරත් ටිකිරි මොලකාරයින්ට පමණක් නොවෙයි සමස්ත ජනතාවටම පොදුයි. මම නම් හිතන්නේ තවම මේ දිනෙක නඩත්තු වියදම තවම ගණනය කර නැහැ. මාර ආඩම්බරකාර ජාතියක්!!
මේක හදපු වියදමින් කොළඹ වරායේ පර්‍යන්ත දෙක (නැගෙනහිර හා බටහිර ) හැදුවනම් මොනවා වෙන්න හැකිද.එනිසා ඉදිරියේ වත් කලයුත්තේ කුමක්ද නොකල යුත්තේ මොකක්ද තේරුම් ගැනීමට හැකියාව ඇති පිරිසක් පත්කිරීමට ජනතාවගේ නැණැස යොමුවේවා.
වැඩ බලන ඉහළ අයට පඩි පහසුකම් දීලා එද්දී සිරි ලංකන් වගේ පසුව පාඩු කියාපාන එපා
ලැබෙන ආදායම් ඉක්මවා වියදම් වෙන්න පුළුවන් .මේකෙ සෝපාන වලට විදුලිය වියදම් ආදායම් ඉක්මවා යන්න පුළුවන් වැටුප් ගෙවීම් සදහා කොපමණ යයිද කියන්න බැහැ කොහොම වුනත් මේක ඉදිකිරීමට අපි තවමත් ණය ගෙවනවා ඉදිරියේ ආදායම් ඉක්මවා වියදම් යෙදුනොත් ඒවාට භාණ්ඩාගාරයෙන් ගෙවන්න එපා මේකට මූලික වුනු පිරිසගෙන් ඒවාට මුදල් ගන්න.
ඩොලර් කෝටි ගනන් වැය කරලා හොයන රැපියල් කරන්නද?