(ඩයනා උදයංගනී)

දකුණු ආසියාවේ උසම කූලුන ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු හෙට (15) සිට ආරම්භ වන අතර, එය නැරඹීමේ ප්‍රවේශ පත්‍රය ලෙස සඳහන් ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළව ඇතැයි චීන තානාපති කාර් යාලය පවසයි.

මෙම ව්‍යාජ ප්‍රවේශ පත්‍රය සමාජ මාධ්‍ය තුළ බෙදාහැරීමෙන් වළකින ලෙසත්, හෙට සිට නෙළුම් කුළුණ වෙත ගොස් එහිදී ප්‍රවේශපත්‍ර මිලදී ගෙන එය නැරඹිය හැකි බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

කෙසේ වෙතත් නෙළුම් කුලුන නරඹන්නන් වෙනුවෙන් විවෘතවීම සම්බන්ධව නොමිලයේ ලබාදුන් ප්‍රචාරය ගැන ව්‍යාජ ප්‍රවේශ පත්‍රය පළ කළ අයට ස්තුතිවන්ත වන බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.


නිවැරදි ප්‍රවේශ පත්‍රය