(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
නෙළුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් කෝටි 200 ක වංචාවක් වී ඇති බවට ජනාධිපතිවරයා කළ චෝදනාව සම්බන්ධයෙන් කෝප් කමිටුව හරහා පරීක්ෂණයක් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව කෝප් කමිටුව හමුවට කැඳවා වහාම ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා පවසන අන්දමට මුදල් අතුරුදහන් වීමක් සිදුවී ඇත්නම් ඊට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවද මන්ත්‍රීවරයා කීය.
ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කිරීමට වසර 4ක් සිටීම ගැටලුවක් බවද හෙතෙම සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට බරපතල විවේචනයක් තිබෙන බව ද මන්ත්‍රීවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම 88-89 කාලෙ ජවිපෙ විසින් රාජ්‍ය දේපලවලට කල හානි පිළිබඳව පරීක්ෂණයක් කිරීමටත් ඒවා ජවිපෙ පක්ෂ අරමුදලින් අය කර ගැනීමත් කළ යුතුය. ඊට අමතරව පොදු ජනයාගේ යැපෙන්නන්ට වන්දි මුදල් ගෙවිය යුතුයි.
බොරුවට කෑ ගැහුවට කෝප් කමිටුවේ ඉතිහාසයට එක නඩුවක්වත් දාලා දඬුවම් කරලා තියෙනවද?
අත්තිකාරම් මුදල වෙනුවෙන් දී ඇති බැංකු ආරක්ෂණය මුදල් කරන්න.. බොරුවට කියවන්නේ නැතුව
අවුරුදු 4ක් ඉඳලා ගෙදර යන්න කෝච්චියකුත් දාලානේ තියෙන්නේ. දැන් ඉතින් බලය නැතිවන බව පෙනිපෙනී තියෙද්දී බොහොම හිතට දුක ඇති.
අනේ ඔහෙලාගේ කෝප් එකෙන් කරේ අහවල් දේද? රටට මෙච්චර කෙලවෙනවද? ඕවා හරියට ක්‍රියාත්මක වෙනවා නම් නිකන් අපට පොඩිචූන් එකක් දීලා කේස් ඉවර කරනවා. නැත්තන් මිනිස්සු හිතනවනේ නාස්තිය දූෂණයට ඔක්කොම ඉඩදෙනවා කියලා... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ..! සාමාන්‍ය ජනතාව නොවේ.. මේ රට කෑවේ අවුරුදු 70 වක් තට්ටු මාරුක්රමයට පාලනය කරපු අයයි.
ඇත්තටම කතාව හරි. අනිවාර්යෙන් හොයන්න ඕනෑ. කව්ද කොහොමද වුනේ කියලා...
මට හිතාගන්න බැරි විගණකාධිපති මේ කාරණය ගැන හොයා බැලුවේ නැද්ද කියන එකයි...
මහින්ද හදනවා. සිරිසේන විවෘත කරනවා. ජෙප්පෝ ගණන් බලනවා. රනිල් විකුණනවා. දක්ෂිණ අධිවේගය කීයට විකුණයිද දන්නේ නැත.
මහබැංකු බැඳුම්කරය ගැන වගේවගක් නැතිව ඉන්න ජවිපෙ වන්දිභට්ටයෝ කෝටි 200 ගෙන පැය 24ක් යන්නත් කලින් කෝප් කමිටුවට ගේන්නලු... මේ අයට ලැජ්ජාවක් ඇත්තේම නැත.
තීරු බදු රහිතව ගෙන ආ වාහන බදු නොගෙවා විකුණපු රතු අප්පුලා ගැනත් හොයන්න ඕනේ...