(හර්ෂණ තුෂාර සිල්වා)
නෙළුම් කුලුන ශ්රී ලංකාවේ ගොඩනැගිලි සන්නිවේදන සංචාරක සහ තාක්ෂණික ක්ෂේත්රවල නව පරිවර්තනයක් සහ දැවැන්ත පිම්මක් යැයි කුලුන විවෘතකරමින් මෛත්රීපාල සිරිසේන මහතා අද (16) පස්වරුවේ පැවසීය.
කොළඹ, නෙළුම් කුලුන ශ්රී ලංකාවේ ගොඩනැගිලි සන්නිවේදන සංචාරක සහ තාක්ෂණික ක්ෂේත්රවල නව යුගයක් ආරම්භ කරන බවත් එය ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්ත දේශීය සහ විදේශීය වශයෙන් තැබූ තවත් වැදගත් පියවරක් බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජාතික වස්තුවක් වන නෙළුම් කුලුන ආරක්ෂා කරගැනීම සෑම ශ්රී ලාංකිකයකුගේම වගකීම යැයි ද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික වස්තුවක් නේන්නම්, මුළු ජාතියම හම්බකරන සල්ලි තව අවුරුදු ගණනාවක් යනකල් ඔකේ ණය වාරික වලටම හිලව් වෙනවනේ. හැබැයි තව සහරාන්ලා දෙන්නෙක් හදාගන්න බදුරුදීන්ලාට ඉඩ දුන්නොත් ඔය මහානර්ඝ වස්තුව එක දවසෙන් බිම...
මහත්තයෝ, මේක තාක්ෂණයෙන් සැලසුම්කර, නිර්මාණය කර ගොඩනගපු කුළුණක්. ඔක්කොම දේශපාලුවෝ තමයි සේරම ණය සහ බදු පොලිය අපේ දරු පරම්පරා වලට ගෙවන්න සලසලා තියෙන්නේ. ඔබතුමන්ලා සේරෝම හම්බකරේ කොහොමද , සල්ලි අාවේ කොහෙන්ද කියල පෙන්නන්න බැරි ධනස්කන්දයක් එක්ක පරම්පරා ගණනාවක් වැජබෙන්න පුළුවන් කියල හිතාවි. එහෙත් ඉතිහාසය දිහා බලුවහම ඒක මිත්යාවක් පමණයි. මීට වඩා කියන්න ඕනේ නැත .
එහෙමද? එහෙම දෙයක් කරන්නවත් මේ අයට ඔලුවක් නැහැනේද ?
මුල්ගල තියද්දීම කොටි 2000 ක් කොල්ල කෑ පිම්මක් ලෙසත් හැදින්විය හැක .
මෙන්න මේකේ අලුත් නම " කොමිස් කුලුන "
"" කොමිස් කුලුන "" තවමත් කෝටි 200 ක් ගත්ත කොම්පැනිය ලෝකෙත් නෑලු .
කොමිස් කුලුන .....
පිම්ම ඉතින් මුළු ජාතියම කුලුනෙන්ම බිමට පනින එක තමයි.
2015 දී කොහොමද වේදිකාවල කිඋවේ. "මුදල් නාස්තියක් , රාජපක්ෂලාගේ තවත් නාස්තිකාර වියමක් " කියල. අද කොහොමද කියන්නේ "තාක්ෂණයේ නව පිම්මක් " ඒ වගේම පාරවල් හදන්නේ කන්නද කියල අහපු මේ උදවියම, අගමැතිත් ඇතුළුව අද කියනවා පාරවල් හදල රට සංවර්දනය වෙලා කියල. කුහකයෝ. මිනිස්සු මේවා තේරුම්ගන්න ඕනේ.
ඇත්තටම ඉතා උචිතම නම තමයි " කොමිස් කුළුණ"
මේ මයිනගේ කොමිස් කුළුණ..