(ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)
දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන ‘කොළඹ නෙළුම් කුලුන’ නරඹන්නන් සඳහා විවෘතව තැබෙන කාලය පැය දෙකකින් දීර්ඝ කර ඇතැයි නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.
ඒ අනුව හෙට සිට (20) සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වාත් සති අන්තයේ උදෑසන 10.00 සිට උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වාත් නෙළුම් කුලුන නරඹන්නන් වෙනුවෙන් විවෘතව තැබෙන බව ප්‍රසාද් සමරසිංහ මහතා කීවේය.
මේ දිනවල නෙළුම් කුලුන නැරඹීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණෙමින් සිටීම නිසා මෙම තීරණය ගත් බව ද සමරසිංහ මහතා පැවසීය.
නරඹන්නට පැමිණෙන්නන් වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම නැරඹීමේ කාලය අවසන්වීමට පැයකට පෙර නවත්වන බව ද කී සමරසිංහ මහතා ඒ අනුව සතියේ දිනවල රාත්‍රී 9.00ට පෙරත්, සති අන්තයේ රාත්‍රී 10.00ට පෙරත් ප්‍රවේශපත් මිලදී ගත යුතු බව ද සඳහන් කළේය.
මේ දිනවල කුලුන නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බැවින් කොටසකට විශේෂයක් කිරීමට අවස්ථාවක් නොමැති නිසා රුපියල් 2,000 ප්‍රවේශපත් නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් රුපියල් 500 ප්‍රවේශපත් පමණක් නිකුත් කරන බවත් හෙතෙම කීවේය.
වයස අවුරුදු 10ට අඩු දරුවන් සඳහා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 200ක් වන අතර, විදේශිකයන්ගෙන් ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 20ක් අයකෙරෙන බව ද හෙතෙම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙළුම් කුලුන නැරඹුම් කාලය වැඩි කරයි