IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නෙළුන්දෙණියේදී පොලිස් නිලධාරීන්ට තියුණු තල ප්‍රහාරයක්

(චමින්ද වැවතැන්න)

කෑගල්ල නෙළුන්දෙණිය නගරයේ රාත්‍රී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු  සැකකරුවන් දෙදෙනකු පරීක්ෂාකිරීමට යද්දී තියුණු පිහි පහරකට ලක් ව එම  නිලධාරීන් දෙදෙනා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

පොලිස් සැරයන්වරයා හා කොස්තාපල්වරයා ත්‍රීරෝද රථයකින් රාත්‍රි මුර සංචාර කටයුතු  කරද්දී  සැක කටයුතු පුද්ගලයන් දෙදෙනකු බෑගයක් අතැතිව පාරේ ගමන් කරමින් සිට ඇත.  ඔවුන් දෙදෙනා පරීක්ෂා කිරීමට යාමේදී කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරින් දෙදෙනාගේ රාජකාරී කටයුතුවලට බාධා එල්ල කර ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව සැක කටයුතු එක් පුද්ගලයකු පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් මිදි පලා ගොස් ඇති අතර සෙසු පුද්ගලයාට අත් විලංගු දැමීමට ගිය අවස්ථාවේ පෙපර් කටර් තලයකින් පොලිස් නිලධාරින් දෙදෙනාගේ අත් පය කපා ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව තුවල සහිත සැක කටයුතු පුද්ගලයා අත් අඩංගුවට ගෙන ත්‍රීරෝද රථයට නංවාගෙන ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව තුවල ලබා සිටි පොලිස් නිලධාරින් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් දැදිගම පොලිසියට දැන් වීමෙන් පසුව පොලිස් කණ්ඩායමක් පැමිණ සැකකරු දැදිගම පොලිසියටත් තුවාල ලබා සිටි පොලිස් නිලධාරින් දෙදෙනා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමටත් කටයුතු සිදු කර තිබුණි.

 



අදහස් (0)

නෙළුන්දෙණියේදී පොලිස් නිලධාරීන්ට තියුණු තල ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site