
(බිමල් ශ්‍යාමන් ජයසිංහ,යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පත්කර ඇත.
ඒ මහතා මීට පෙර කන්තලේ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළේය.
2014 වර්ෂයේ ජනවාරි 01 වෙනි දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ට සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවයට එක්වූ ඒ මහතා මහනුවර හා තිරිකුණාමලය පොලිස් කොට්ඨාසවලින් සේවය කර අනතුරුව මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා වශයෙන්ද , පොලිස් නීති කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වශයෙන්ද , පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන්ද රාජකාරී කර ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී ප්‍රථම උපාධිය ලබා ගත් ඒ මහතා එම විශ්ව විද්‍යාලයේම විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය හදාරා ඇත.
ඊට අමතරව රුසියාව , කාමභෝජය තායිලන්තය හා පිලිපීනය පැවැත්වූ පාඨමාලාවලට සහභාගිවී ඒ ඒ රටවල පොලිස් රාජකාරී පිළිබඳ විෂය අවබෝධයක්ද ලබාගෙන ඇත.
---------------------------------
(ගයාන් සූරියආරච්චි, යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන්)
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිවේදී කේ.බී මනතුංග මහතා පත් කර ඇත.
මනතුංග මහතා කන්තලේ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස මීට පෙර කටයුතු කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය කරන හැම දෙයක්ම හොඳයි කියන හිටපු මාධ්‍ය ප්‍රකාශක නැතිවීම ජාතියට විහිළු සපයන ව්‍යාපාරයට සිදුවූ ඉමහත් පාඩුවකි.
තමන්ගේ වෘත්තීයේ ගෞරවයයත් රැකගෙන ජනතාවගේ විශ්වාසයයත් දිනාගෙන වැඩ කිරිමේ අභියෝග අවබෝධ කරගත හොත් ඔබ සාර්ථක වෙයි නැත්නම් අනිත් අයවගේම ඉතිහාසයේ කුණු බක්කියටම වැටෙයි.
එන එන ආණ්ඩුව තමන්ට පක්ෂපාතී අයව ඒ ඒ තැන් වලට දාගන්නවා. මේ ආණ්ඩුව කියලා එතනදිනම් වෙනසක් පේන්න නෑ.