අමදෝරු අමරජීව
 
ආරක්ෂක හේතුන් මත වසා දැමුණු  නැගෙනහිර විශ්ව විද්‍යාලය ලබන මැයි 6 වැනි දා  අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරිමට නියමිතව තිබුණත් පවතින  ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන  විවෘත කිරිම කල් දැමුණු බව එහි පාලන අධිකාරිය පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව  ලබාදී ඇති උපදෙස්වලට අනුව විශ්ව විද්‍යාලය විවෘත කරන දිනය පසුව දැනුම් දිමට නියමිතය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ  ත්‍රිකුණාමල මණ්ඩපයේ මණ්ඩපාධිපති මහචාර්ය වි.කනකසිංහම්  මහතා පවසන්නේ නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලය මණ්ඩපය ඇතුළු සියලු මණ්ඩප  විවෘත කිරිම දින නියමයක් නොමැතිව කල් දැමු බව පැවසීය.