(අමදෝරු අමරජීව )
නැගෙනහිර පලාතේ පාසල් වල තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම සම්පූර්ණයෙන් තහනම් කරමින් පලාත් අධ්‍යාපන ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.
මෙම නියෝග කඩ කරණ ගුරුවරුන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරිම සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, විදුහල්පතිවරැන්ට,විෂය සම්බන්ධීකාරකවරැන්ට හා පාසල් අධීක්ෂණ නිලධාරීන්ට මෙම චක්‍ර ලේඛයෙන් බලය පවරා තිබේ.
මෙම නියොග කඩ කරණ ගුරුවරුන් සම්බන්ධයෙන් දෙමව්පියන් පැමිණිලි කරන්නේ නම් පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකයට හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ආණ්ඩුකාර මහජන පැමිණිලි කාර්යාංශයේ 0267500500 යන දුරකතන අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කල හැකි බව එම චක්‍ර ලේඛයේ දැක්වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආරම්භයක් වේවා
ආයතන සංග්‍රහයේ තියෙනවා රජයේ වැටුප් ලබන සෑම කෙනෙක්ම තමන්ගෙ සේවා කාලයෙන් බැහැරව කරන කටයුතු සදහා අදාල අමාත්‍යාංශයේ ලේකම් වෙතින් අවසරය ගතයුතු බවත් උපයන මුදලින් සියයට ගණනක් රජයට ගෙවිය යුතුය කියලා එම විධිවිධාන ක්‍රියාත්මක කරන්න නියම කලොත් රජයට අමතරව ආදායමක් ගන්න පුළුවන් වෙනවා ආයතන සංග්‍රහය වලංගු නැති තත්වයක් රටේ තියෙන නිසා ආයතන සංග්‍රහය අවලංගුද නැද්ද කියලා එයින් සාමාන්‍ය ජනතාව දැනුවත් කරන්නත් පුළුවන්
ගුරුවරුන්ට අදාලව චක්‍රලේඛය නිකුත්කලාට ඒක ගුරුවරියන්ට අදාල නැහැ නේද මහත්තයෝ ..සමහර ගුරුවරු පාසලේ පොත අත්සන් කරල තමන්ගෙ පංතියේ දරුවන්ට අද පාසල් එන්න එපා කියලා එම කාලපරිච්ඡේදයේ වැඩක් නැතිනිසා උපකාරක පංතියට පාසල් වෙලාවෙම යනවා විදුහල්පතිට කරන්න දෙයකුත් නැහැ හදිසි අනතුරක් නැතුව ආවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ එහෙම ඒවා සමහරක් ප්‍රශිද්ධ ඉස්කෝලවලත් තිබුනා
ඉතා හොඳ වැඩක් අනෙක් දිස්ත්‍රික්කවලටත් ඒ දේම කරන්න වෙනවා
බොහෝම හොඳ වැඩක්... ඇයි නැගෙනහිරට විතරක් රටටම ක්‍රියාත්මක කරන්න.
ඉන්න ගුරුවරු ටිකත් අස්කරල රට යවා පලාතේ ලමයින්ට කම්කරු වැඩ පුරුදු කරන කූඨ වෑයමක් වගේ.