IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්

(යොහාන් භාසුර)

නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකාරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරිමස 59.0 ක දර්ශන අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් ජනවාරි මස දර්ශනාංකය 58.5 ක් ලෙස වාර්තා වන බව එම බැංකුව පවසයි.

නිෂ්පාදන අංශයේ වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධානාත්මක ලෙස දායක වී ඇති බවත් රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශයේ බොහෝ දෙනෙක් ජනවාරි මාසයේදී ක්‍රියාකාරකම් වර්ධනය කර ඇති බවත් මහ බැංකුව කියයි.

එය නව ඇනවුම්, නිෂ්පාදන, සේවා නියුක්ති සහ තොග මිල  ගැනුම් උප දර්ශකවල වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වූ බවත් දෙසැම්බර් මාසයේ උත්සව සමය නිමවීමෙන් අනතුරුව ආහාර සහ පාන නිෂ්පාදන අංහයේ තව දුරටත් යහපත් ක්‍රියාකාරිත්වයක් පැවැති බවත් එම බැංකුව සඳහන් කරයි.

නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ යෑමත් සමඟ ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ද ජනාවාරි මස තව දුරටත් ඉහළ ගොස් ඇති බව ද කියන ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාරිත වාතාවරණය තවදුරටත් වර්ධනය වනු ඇති බවට පවතින අපේක්‍ෂා හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිරි දැක්ම ධනාත්මක මට්ටමක පවතින බව ද සදඟන් කරයි.

සේවා අංශයේ ණ්‍ය දීම ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩ වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (0)

නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site