
(විමුක්ති එස් රුද්‍රිගු)
නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වන 43 හැවිරිදි ජෙසින්ඩා අර්ඩන් මහත්මිය ඇයගේ දිගු කාලීන සහකරුවන 47 හැවිරිදි ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ ඊයේ(13) පැවැති පුද්ගලික උත්සවයකදී විවාහ වූවාය.
ජෙසින්ඩා අර්ඩන් මහත්මිය ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ 2019 වසරේදී ගිවිසගත්තේය.
2022 වසරේදී ගේෆෝර්ඩ් සමඟ විවාහ වීමට අර්ඩන් බලාපොරොත්තුවෙන් සිටියත් ඇය විසින්ම හඳුන්වා දුන් කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් විවාහ උත්සවය අවලංගු කිරීමට අර්ඩන්ට සිදු වූවාය.
නමුත් ඇයගේ කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් නවසීලන්තයේ කොවිඩ් මරණ සංඛ්‍යාව අවම මට්ටමක රැඳින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා කමට අහන්නේ... ඇත්තටම මංගල සීනු කියන්නේ විවාහ ලේඛනයේ අත්සන් කිරීමද? මෙයා අගමැති වෙලා පාර්ලිමේන්තුවට දරුවෝ අරගෙන ගියා... දරුවන් ආදරයෙන් බලාගෙන හිටියා තවත් මොන මගුලක්ද?
හරිම ආඩම්බරයි. ලංකාදීප මංගල කිංකිණි එකෙන් නේද සෙට් වෙලා තියෙන්නේ ?
අපිට වඩා හුඟක් එහා ගිය ජීවිත මේ මිනිස්සුන්ට තියෙන්නේ .බැඳීම් නැති නිවහල් මිනිස්සු
ඔය රටවල විවාහය, දරුවන් ලැබීම, දරුවන් බලා ගැනීම යන ඒවා පටලැවිලා නැහැ. දරුවෙක් කියන්නේ කාගේත් දරුවෙක්. ලියා පදිංචියේදී පියෙක් නැති වුනත් කොන් වෙන්නේ නැහැ. මෙතුමිය රාජ්‍ය පාලනය සඳහා පවුල යොදා ගත්තේ නැහැ. ඒවා සියල්ල එකින් එක ස්වායත්තයි..
සීනු හඬට වඩා කම්මලේ සද්දේ අහල පුරුදු "සුමංගලට" මංගල සීනු නම් මේ ආත්මෙදී හැඬ වෙන එකක් නැහැ...ආදරයෙන් වෙලී සිටින තරුණ ජෝඩු වලට ඔරවන මිලේච්ජයින් වෙසෙන රටක ගෝත්‍රිකයින් සිතන්නේ පතන්නේ සුමංගල ලා හිතන විදිහටම තමයි..ලෝකෙට පේන්න ණය වෙලා මගුල් කන සුද්දෝ ලෝකයේ නැහැ...අනික ලංකාවේ වනචාරීන් වගේ තම පෙම්වතිය ගැබ් කොට පලා යන නරුමයින් ඔවුන් අතර නැහැ...අනුන්ගේ කෙහෙල් මල් ගැන හොය හොයා ඉන්න ඒ රටවල මිනිස්සුන්ට වෙලාවකුත් නැහැ...එක අතකට ආදරය වනචර කමක් සේ දකින අමනයින්ට මේවා ගැන කියල පලකුත් නැහැ...