(යොහාන් භාසුර)

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'සුපිරි 12' වටය ආරම්භ කරමින් සිඩ්නිහීදී අද (22) පැවති දිනයේ පළමු තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 89 කින් සත්කාරක ඕස්ට්‍රේලියාව පිල පරාජය කිරීමට සමත් වූහ.

නවසීලන්ත පිල පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු තුනකට ලකුණු 200 ක් රැස්කිරීමට සමත්වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පිල ඕවර 17.1 කදී ලකුණු 111 කට සීමා විය.