IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


නවසීලන්තය මාසයකට වසා දමයි

ලොව රටවල් රැසක් මේ වනවිට අනුගමනය කරන ‘ලොක්ඩවුන්’ ක්‍රමවේදය අනුගමනය කරමින් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට මසකට රට වසා දැමීමට තීරණය කළ බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩ්න් ප්‍රකාශ කළාය.

මෙම කාලයේදී නවසීලන්ත වැසියන් අනිවාර්යයෙන්ම නිවසේ රැඳී සිටිය යුතු යැයිද එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් ලැබීමට සිදුවනු ඇතැයි ද නවසීලන්ත අගමැතිනිය අනතුරු ඇඟවූවාය.

මෙම කාලය තුළ ‘‘තමන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි’’ සලකා කටයුතු කරන්නැයි ද ඇය එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියාය.

අවශ්‍ය වුවහොත් නව නියෝග උල්ලංඝණය කරන පිරිස්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය කීවාය.

මිලියන 5කට ආසන්න ජනගහනයක් සිටින නවසීලන්තය අනෙකුත් රටවලට වැඩි දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත. නවසීලන්තය බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි නීතිය ද ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම රට අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළම මට්ටමට ඔසවා ඇත.

විදෙස් ගතව සිට පැමිණෙන නවසීලන්ත සියලු වැසියන් සියලු දෙනා ගුවන් තොටුපොළ හෝටල්වල හෝ ඔවුන් සිටින නගරවල නැවැතී ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු යැයි ද නවසීලන්ත බලධාරීහු උපදෙස් දී ඇත.

ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (1)

නවසීලන්තය මාසයකට වසා දමයි

Rasika Thursday, 26 March 2020 09:26 PM

ඉතාලි අපු ය වගේ හොරෙන් පනින්න බැරිද ? මානවහිමිකම් නඩුවක් එහෙම දායිද දන්නේ නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 141 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site