
Hayleysව්‍යාපාරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයේ සුවිශේෂි සන්නාමයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC විසින් එහි නිෂ්පාදන පෙළේ උපායමාර්ගික ව්‍යාප්තියක් පසුගියදා හඳුන්වාදෙන ලදි. ජංගම දුරකථන රඳවන සහ ටැබ් යන්ත්‍ර රඳවනය දර්පණ (Threshold), බහුකාර්ය රාක්ක සහ තවත් ගෘහ උපාංග එකතුවක් නිවෙස්වල දෛනික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් Alumex PLC නිර්මාණය කර ඇත.
මෙහිදී Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂක ප්රමුක් දැදිවෙල මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය. ”වර්තමාන අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහළම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍යවලින් නිර්මාණය කර ඇති අපගේ Alumex PLC නිෂ්පාදන සතු කල්පවත්නා බව විශිෂ්ටත්වය කරා යන අපගේ ගමනට ඉවහල් වන බව අපි විශ්වාස කරනවා. වඩාත් සුවපහසු , ක්‍රියාකාරී, අලංකාර සහ ආරක්ෂාව සහිත අපගේ නිෂ්පාදන මෙන්ම අප කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂම සේවය පාරිභෝගිකයන් වෙත ඉහළම සේවාවක් සැපයීම වෙනුවෙන් අප ආයතනය දක්වන කැපවීම පිළිබඳව කදිම සාක්ෂියක්”.
නිවසක් වැඩිදියුණු කිරීමේදී හෝ ඉදිකිරීමේදී එහි දිගු කාලීන පැවැත්ම වෙනුවෙන් බොහෝ දෙනෙක් ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් උපදෙස් ලබා ගනිති. දැවමය නිමාව සහ ඇලුමිනියම් සතු සවිමත් බව මැනවින් මුසු කර නිර්මාණය කරන ලද Alumex Building (ABS) හි ස්ලයිඩින් කවුළු දිගු කල් පැවැත්මක් සහ නව පෙනුමක් නිවහන වෙත ලබාදෙන අතර දැවමය නිමාවෙන් යුත් උපකරණ පමණක් තෝරා ගැනීම පිළිබඳව ඇති මතය ද එමඟින් නිරායාසයෙන් අභියෝගයට ලක් වේ. වසර 30ක් දක්වා වූ ආකර්ෂණීය වගකීම් සහතිකයක් සහිතව පිරිනමන මෙම නිෂ්පාදන මාලාව වැය වන කාලයත්, පිරිවැයත් ඉතිරි කරන දිගුකාලීන විසඳුමක් ලෙස එය පාරිභෝගික දෛනික දිවිය ඉහළ නංවමින් තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි
595
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
නිවසට වෙනසක් එක් කරන Alumex හි නවතම ඇලුමිනියම් නිෂ්පාදන