
(ගයාන් සූරියආරච්චි)
නිවිතිගල, දෑල ප්‍රදේශයේ දේශපාලන පක්ෂ ආධාරකාරිනියකගේ නිවෙසට ඇතුළු වූ නාදුනන පුද්ගලයන් 6 දෙනකු නිවෙසේ තිබූ ඡන්ද කාඩ් පත් 3 ක් බලෙන් රැගෙන ගොස් ඇති බව නිවිතිගල පොලිසිය පවසයි.
පැමිණිලිකාරිය නිවිතිගල, ඉන්දොළ දුම්මලවත්ත, දෑල ප්‍රදේශයේ පාළු රබර්වත්තක පිහිටි නිවෙසක ජීවත්වන බව පොලිසිය පවසයි.
පැමිණිලිකාරිය කුලී වැඩ කරමින් ජීවත්වන කාන්තාවක වන අතර ඇය එක්තරා දේශපාලන පක්ෂයක ආධාරකාරිනියක බව පවසයි.
පැමිණිලිකාරියගේ නිවෙස ආසන්නයේ ගෙවල් පිහිටා නොමැති අතර එම නිවෙසට යාම සදහා පාරක් ද නොමැති අතර කිලෝමීටර 2 ක් පමණ දුර ගෙවා නිවෙසට යා යුතු බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කළ ද කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වූ බව පොලිසිය පවසයි.
COMMENTS
ඒ ජේආර්, ප්‍රේමදාස සොඳුරු යුගය සිහියට එනවා. මේ වගේම ආරම්භවුණු සිදුවීම් පෙලක් මතකයට නැගෙනවා.
අනෙ අම්මෝ බලේ ගන්න කලින් මෙහෙමනන් බලේ ගත්තම කොහොමට රගයිද 3නේ සෙට් එක
අතීතයේ අඳුරු සෙවනැලි, බලයට ආවොත් දැනෙයි ෆේල් වෙනකොට, මිනිසුන් උද්ඝෝෂණය කරනකොට ගෝඨාභය මහත්තයා වගේ පිටුපස පැනලා ගියා වගේ යන්නේ නැහැ. ඒවා රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ඒ නිසා හමුදාව, පොලිසිය හරවනවා ජනතාව දෙසට. සමහර විට මේ මුහුණ දෙන්නේ අවසන් මැතිවරණයට. රට ලේ විලක්වේවි. පසුගියදා මේ භව කීවේ ජනාධිපති අපේක්ෂකයෙක්...
රනිල්ගේ ප්ලෑන් බී ද දන්නේ නෑ...
මෙි මිනිස්සු කොච්චර නූගත්ද, ජන්ද කාඩි නැතිවුනාට ජන්දය දාන්න පුලුවන් බව.