(ඉන්දිකා රාමනායක)

බම්බලපිටියේ නිවසික් රුපියල් ලක්ෂ 46ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් එහි මෙහෙකාරිය අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

සැකකරිය මෙම මුදල් නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන ඇත.

වාහනයක් මිළදි ගැනීම සදහා බැංකුවෙන් රැගෙනවිත් තිබු මුදල් අතරින් සැකකාරිය මෙම මුදල සොරාගෙන ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 40 හැවිරිදි  වටවල ප්‍රදේශයේ තිදරු මවක් බවද බවද පොලිසිය කියයි.