
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කරුවලගස්වැව නෙළුම්ගම නිවසකට කඩා වැදුණු පුද්ගලයකු අද (28) එහි සිටි කාන්තාවකට එල්ල කළ පිහි පහරකින් දකුණු අත සම්පුර්ණයෙන් වෙන් වී ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
මෙම සිදුවිමට මුහුණ දී ඇත්තේ නෙළුම්ගම පදිංචි 37 හැවිරිදි කාන්තාවකි.
යාබද නිවසක පදිංචිකරුවකු වන සැකකරු අද උදෑසන කාන්තාවගේ නිවසට කඩා වැදී ඇති බවත් එහිදි යම් සිද්ධියක් සම්බන්ධව දෙදෙනා අතර ඇතිවූ බහින් බස් විමකින් දුරදිග යාමෙන් සැකකරු සඟවා ගෙන තිබූ පිහියකින් එකවර දකුණු අතට පහරදී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
පිහි පහරට ලක්වු කාන්තාව නිවස තුළට ගොස් දිවි බේරා ගෙන ඇති මුත් ඒ වන විටත් දකුණු අත වැලමිටෙන් වෙන් වී බිම වැටී ඇත. සිද්ධියත් සැකකරු පලා ගොස් තිබූ අතර කාන්තාවගේ කෑගසනු හඩ ඇසි පිරිස් පැමිණ ඇය ආණමඩුව මුලික රෝහලට යවා ඇති බව පොලිසිය පවසයි.
පසුව අසාධ්‍ය තත්වයේ සිටි කාන්තාව ආණමඩුව රෝහලින් පුත්තලම මුලික රෝහලට මාරු කර එවා තිබූ අතර පුත්තලම මුලික රෝහලින් මෙම කාන්තාව හා වෙන් වූ අත අයිස් වල බහා කොළඹ ජාතික රෝහල වෙත යැවූ බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අපරාධකරුවන් එල්ලා මැරුවත් මදි.
මේ පුණ්‍ය බිමේ මෙවැනි සිත් පිත් නැති අය සිටීම විමතියට කරුණකි. මොහුට කොපමණ දඬුවම් ලැබුණත් එම කාන්තාවට අහිමි වූ අත නැවැතත් ලැබේද?. නීතියේද හිඩැස් ඇත. ඇසට ඇසක් සංකල්පයේ වටිනාකම තේරුම් ගැනීමට අවස්ථාවක් මේ...
මේ බොදුනු රටක් නොව නරුමයින් සිටින රටකි.