(සුමිත් පොතුපිටිය)
නිවසේ වහලෙහි උළු සකස් කිරීමට වහලට නැඟි පුද්ගලයෙකු වහල මතදී මියගොස් පැය 4 කට පමණ පසු සොයාගත් බව පොලීසිය කියයි.
පානදුර, දිබ්බැද්ද වෙන්දේසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී එම්. ආරියසේන සිල්වා නමැති 72 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කීය.
පෙරදින රාත්‍රී පැවැති වර්ෂාවට නිවස තෙමී ඇති බැවින්, ම්යගොස් ඇති පුද්ගලයා වහලේ උළු කැට සකස් කිරීමට වහලය මතට නැග ඇති බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 72 ක මනුෂ්‍යයෙක් වහලයට නැගල පැය හතරකට පස්සෙ සොයාගෙන තියෙන්නෙ මැරිලා මරණය සිදුවෙලා පැය හතරක් යනතුරු ගෙදර මිනිස්සු හිටියෙ නැද්ද මෙහෙම නොසැලකිල්ල නිසා අකාලයේ මරණ සිදුවෙන්න පුළුවන් .ඊළඟට වාර්තාව කියන්නෙ උලුකැට කීපයක් සැකසීම කරන්න ගියා කියලා ඒත් මැරිලා තියෙන්නෙ ඇස්බැස්ටෝස් තහඩුව මත .?? වාර්තාවට ගැලපෙන පිංතූරයක් ගත්තානම් හොදයි
ගෙදර පිරිමි ළමයි එහෙම ඉඳලා නැතිද? අඩුගානේ වහලෙකට නැගලා එම වැඩේ කරන්න..එහෙමත් ඉන්න පිරිමි ළමයි හාල්පාරුවන් ටිකක්ද? පැය 4ක් යනකන් ඔහුගැන දැන නොසිටියා කියන්නේ මියගිය පුද්ගලයාට ගෙදර අය ඔහු ගැන වැඩි තැකීමක් නොකර බවයි.