(එච් එම් ධර්මපාල)
මුහුණු ආවරණය කර අත් ආවරණ පැළද නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
සැකකරුවන් කහතුඩුව අවට පදිංචි වයස අවුරුදු 13 ත් 18 ත් අතර පසුවන අතර පාසල් යන දරුවන් ද සිටින බවත් පොලීසිය පැවසීය.
නිවෙස්වලින් සොරාගත් ලැප්ටොප් පරිගණක, පිත්තල භාණ්ඩ, ජංගම දුරකථන , ඇතුලු දේපල සොරා ගෙන ඇති බවත් එම භාණ්ඩ තවත් එම වයසේම ළමයින් හරහා අලෙවිකර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය කියයි.
මේ අනුව මෙම කල්ලිය දීගු කලක සිට මෙම සොරකම්වල නියුතූව සිටින බවටත් ඒ අනුව දේපල ලග තබාගන සිටි අයත් පොලිස් භාරයට ගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගන යනු ලබන බවත් පොලීසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පට සිරි සර්කස් කණ්ඩායමක් බැහැල ද?
මොනා වුණත්, පුතාලා ටික මේ රටට ගැලපෙන රැකියාව තෝරාගෙන තියනවා... නුදුරු අනාගතයේදී හයිටියට වඩා ඉදිරියෙන් ලංකාව ගමන් කරාවි... වැඩිහිටි පරපුර වපුරාපු බීජ වල සරු අස්වැන්න ඔවුන් නෙලන කාලයයි මේ...පොඩි එවුන්ට ලංකාවේ ඡන්දෙට ඉදිරිපත් වෙන්න ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා... අනික නම්බුකාර විදිහට මේ රටේ ජීවත් වෙන්නත් පුළුවන්නේ... කාටද ආඩම්බර..?